නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත මානව වර්ගයාගේ විමුක්තියට මග පෑදූවා

    දෙසැම්බර් 25, 2014

    ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ උපත මානව වර්ගයාගේ විමුක්තියට මග පෑදූ බව නත්තල් උත්සවය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සඳහන් කරයි.

    ජනාධිපතිතුමා නිකුත් කළ සම්පූර්ණ පණිවුඩය මෙසේය

    ශ්‍රී ලංකාවේ කිතුනු බැතිමතුන් විසින් අද සැමරෙන නත්තල් උත්සවය යේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ උපත සිහිපත් කරයි.

    යේසුස් ක්‍රිස්තුන් වහන්සේ ලෝකයට දුන් විශ්වීය දයාවේ, ඉවසීමේ හා අවබෝධයේ අලුත් ඉගැන්වීම් සමග උන් වහන්සේගේ උපත මානව වර්ගයාගේ විමුක්තියට මග පෑදූ බව කිතුනු බැතිමතුන්ගේ විශ්වාසයයි.

    ක්‍රිස්තුන් වහන්සේගේ ජීවිතය එම යුගයේ තිබූ විශ්වාසයන්ගේ බන්ධනවලින් ජනතාව ගළවා ගැනීමට සම්පූර්ණ කැපවීමක් පෙන්වූ අතර කිතු දහමේ ඉගැන්වීම්වලින් අවධාරණය කෙරෙන දයාව හා බෙදා හදා ගැනීමේත්, සමාව දීමේත් අධ්‍යාත්මික ගුණය පැතිරවීම තුළින් දුගී බවින් නිදහස් වීමටත්, අධ්‍යාත්මික විමුක්තියටත් මග පෑදීය.

    අද ආර්ථීක විසංතුලනයේ, දරිද්‍රතාවේ, පාරිසරික තර්ජනයන්හි හා ත්‍රස්තවාදයේ අති විශාල අභියෝගයන්ට මුහුණ දෙන ලෝකයට ක්‍රිස්තුන් වහන්සේගේ උපතේ පණිවුඩය ගෙනා බෙත්ලෙහෙමේ තාරකාව සමඟ ඇරඹි දයාවේ හා ඉවසීමේ ක්‍රිස්තියානි පණිවුඩයෙන් බොහෝ සේ යහපත සලසා ගත හැකිය. මනුෂ්‍යත්වය, සියලු සත්වයින්ට දයාව දැක්වීම හා නිහතමානිබව පිළිබඳ ක්‍රිස්තියානි පණිවුඩය ගව මඩුවක සතුන් අතර ක්‍රිස්තුන් වහන්සේගේ උපත සිදුවීම හා නිහතමානි එඬේරුන් උන් වහන්සේගේ පළමු වන්දනාකරුවන් වීම විසින් මොනවට විදහා දැක්වෙයි.

    නත්තල් උත්සවය පවුල් යළි එක්වීමේත්, සමාජීය හා වෙනත් සියලු බාධක ඉක්මවා යන ත්‍යාග හුවමාරු කර ගැනීමේත් කාලය වන නිසාවෙන් ද එය සියලු කිතුනු බැතිමතුන්ට වඩාත් වැදගත්ය.

    අද අප භුක්ති විදින නිදහස තුළ දේවස්ථානයන්හි සීනු නාද වෙද්දී හා මෙම උත්සවය සැමරීමට ස්තූති ගීතිකා ගැයෙද්දී ශ්‍රී ලංකාවේ සියලු කිතුනු බැතිමතුන්ට සාමයෙන් හා සතුටෙන් සපිරි ප්‍රීතිමත් නත්තලක් සඳහා උණුසුම් සුබ පැතුම් පුදමි.

    මහින්ද රාජපක්ෂ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya