නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ටෙලිමේල් සේවය නෛතික තත්ත්වයට පත් කිරීමට කටයුතු කරනවා

    දෙසැම්බර් 12, 2014

    Jeewan Kumaratunga mpටෙලිමේල් සේවය නෛතික තත්ත්වයට පත් කරන්න රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කරමින් සිටින බවත් ටෙලිමේල් සේවයේ පවතින මිලෙහි වෙනසක් සිදු කළ නොහැකි බවත් තැපැල් සේවා අමාත්‍ය ජීවන් කුමාරතුංග මහතා පවසයි.


    අමාත්‍යවරයා මෙසේ පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා විසින් අද (12) පාර්ලිමේන්තුවේදී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.

    ටෙලිග්රෑම් සේවයේදී අප කළේ බෙදා හැරීම පමණයි. ටෙලිමේල් කටයුතු විධිමත් කර එහි අඩුපාඩු ඇති නොවන තත්ත්වයට පත් කරන්න කටයුතු කර ගෙන යනු ඇත. පසුගිය කාලයේ පරිගණක දැනුම ඇති 1080ක් තැපෑලට බඳවා ගත් බවත් තාක්ෂණ අංශයක් පිහිටුවා තැපැල් සේවය ජාලගත කළ බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya