මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "මෙත්සර උයන" හා "සිරිසර උයන" ජනතා අයිතියට

    ඔක්තෝබර් 27, 2014
    කොළඹ 08, වනාතමුල්ලේ ඉදිකරන ලද නවීන පහසුකම්වලින් යුත් මහල් 12කින් යුත් නිවාස ඒකක 718කින් සමන්විත "මෙත්සර උයන" හා නිවාස ඒකක 430කින් සමන්විත "සිරිසර උයන" අද (27) ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සුරතින් ජනතා අයිතියට පත් කෙරේ.
     
    තමාට කියා නිවසක් නොමැති සෑම පවුලකටම වසර "2020 දී නිවසක් හිමිවිය යුතුය" යන මහින්ද චින්තන සංකල්පය යථාර්ථයක් බවට පත් කරමින් කොළඹ නගරයේ වෙසෙන අඩු ආදායම් සහ අඩු පහසුකම් මධ්‍යයේ ජීවත් වන පවුල් වෙනුවෙන් නිවාස 70,000ක් ඉදිරිකිරීමේ ව්‍යාපෘතිය යටතේ මේ වන විට නිවාස 20,000කට ආසන්න ප්‍රමාණයක් ඉදිකිරීම් ආරම්භ කොට ඇත.
     
    කොළඹ නගරයේ ව්‍යාපෘති 26ක නිවාස ඒකක 20,000ක ඉදිකිරීම් කටයුතු ආරම්භ කොට ඇති අතර 2014 වසර අවසානයේ දී නිවාස ඒකක 5000ක් ජනතා අයිතියට පත්කිරීමට කටයුතු යොදා ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya