මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිරි ජනාධිපතිවරණයේදී කම්කරු ජාතික පෙරමුණේ පූර්ණ සහයත් ජනපතිට

    ඔක්තෝබර් 25, 2014
    ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් තම උපරිම ශක්තිය යොදා කැප වී කටයුතු කරන බව කම්කරු ජාතික පෙරමුණ පවසයි.
     
    කම්කරු ජාතික පෙරමුණේ නායක පී. දිගම්බරන් මහතා ඇතුළු නියෝජිත පිරිසක් අද (25) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී ජනාධිපතිතුමා හමු වූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කළහ.
     
     
    වතු ජනතාව නගාසිටුවීම වෙනුවෙන් ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය ගෙන යන වැඩපිළිවෙළ ද අගය කළ මේ පිරිස වතු ජනතාව දැනට මුහුණ දී සිටින ගැටලු කිහිපයක් පිළිබඳව ද ජනාධිපතිතුමාව දැනුවත් කළහ.
     
     
    අමාත්‍යවරුන් වන බැසිල් රාජපක්ෂ, ඩලස් අලහප්පෙරුම, මධ්‍යම පළාත් සභා මන්ත්‍රීවරුන් වන එස්. සිදරන්, සරස්වතී සිවගුරු, සිං කොන් පොන්නයියා යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    SDF/NDH
     
    at Temple tree1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya