අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති රුක්මලේ ශ්‍රී ධර්මවිජයාලෝක විහාරයේ ආගමික වතාවත්වල

    සැප්තැම්බර් 30, 2014

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අද (30) පස්වරුවේ කොට්ටාව, රුක්මලේ ශ්‍රී ධර්මවිජයාලෝක විහාරස්ථානය වෙත ගොස් ආගමික වතාවත්වල නිරත ව ආශිර්වාද ලබා ගත්තේය.


    පසුව විහාරාධිපති කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ වඩබලන මහා නායක ආචාර්ය පූජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර අනුනායක ස්වාමීන් වහන්සේ ද බැහැදැක සුවදුක් විමසා කෙටි පිළිසඳක නිරත විය.

    විහාර භූමිය ආසන්නයේ ඉදිකළ මහ බෝ වැවෙන් ලබා ගත් ප්‍රථම පැන් කළය විහාරස්ථානයේ බෝ සමිඳුන් වෙත පූජා කිරීම ද ජනපතිතුමා අතින් සිදු විය.

    විහාරාධිපති හිමියන්ගේ අනුශාසනා පරිදි මේ විහාරස්ථානයට හා දායක දායිකාවන්ට අයත් ඉඩම් අක්කර 05ක වගුරු බිමෙහි රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාව මඟින් මේ වැවෙහි ඉදිකිරීම් කටයුතු සිදු කර ඇත.

    වැවෙහි ඉදිකිරීම් කටයුතු පරීක්ෂා කළ ජනාධිපතිතුමා ඒ වටා ඉදිකෙරෙන පදික මංතීරුව ද නිරීක්ෂණය කළේය.

    ප්‍රදේශයේ අතිවිශාල පිරිසක් විහාරස්ථානය වෙත රැස් ව සිටි අතර එම ජනතාව අතරට ද ගොස් ජනාධිපතිතුමා ඔවුන්ගේ සුවදුක් විමසීමට අමතක නොකළේය.

    අමාත්‍යවරුන් වන සී.බී. රත්නායක, බන්දුල ගුණවර්ධන, පවිත්‍රා වන්නිආරච්චි, ජගත් පුෂ්පකුමාර, රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්ම මහත්මීහු මීට එක් ව සිටියහ.

    NDH/pmu_pix by Nishanka de Silva

    02

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya