අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2014 ශිෂ්‍යත්ව හපනුන්ට ජනපතිගෙන් සුබ පැතුම්

    සැප්තැම්බර් 30, 2014

    2014 ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ට දක්ෂතා දැක් වූ සිසුන්ට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සිය සුබ පැතුම් පිරිනමයි.

    මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ට දක්ෂතා දක්වමින් දිවයිනෙන් පළමුවැනි, දෙවැනි, තුන්වැනි සහ හතරවැනි ස්ථාන ලබාගත් සිසුන් නව දෙනා අද (30) දහවල් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හමු වූහ.

     

    ශිෂ්‍යත්ව විභාගයෙන් දිවයිනේ පළමු ස්ථානය හිමිකරගත් ඇඹිලිපිටිය කණිෂ්ඨ ද්විතීයක පාසලේ ඩබ්.ඒ. වෙනුජ නිම්සන් සිසුවා ද, දෙවන ස්ථානය හිමිකරගත් පොලොන්නරුව රාජකීය කණිෂ්ඨ විද්‍යාලයේ එච්.එම්. මාලක නෙත්මාල් තිලකරත්න, තුන්වන ස්ථානය හිමිකරගත් බෙම්මුල්ල පිටියේගෙදර ප‍්‍රාථමික විද්‍යාලයේ ජී.ජී. සහනි යශෝධරා ගුණසේකර, මාවනැල්ල සහිරා විද්‍යාලයේ එම්.එන්. ෆාතිමා සාමා, හතරවන ස්ථාන හිමිකරගත් සිසුන් වන අඟුණකොළපැලැස්ස අලුත්වැව ප‍්‍රාථමික විද්‍යාලයේ එන්.වී.ජී. අදීශ ආලෝක, බදුල්ල විහාරමහාදේවි බාලිකා මහා විද්‍යාලයේ ඩබ්.ඊ. පී.ඩී. තිසාරා, පොකුණුවිට කුළුපන කණිෂ්ඨ විද්‍යාලයේ එච්. නිහිඳු නේසර ද සිල්වා විජේසිංහ, ගම්පහ යශෝධරා දේවි බාලිකා විද්‍යාලයේ කේ.ඕ. චරිත්මි සෙනෙල්යා කරුණානායක, කොළඹ වෙස්ලි විද්‍යාලයේ කේ.ජේ.පී. රුචිර ෂෙහාන් ජයවීර යන සිසුසිසුවියෝ මෙලෙස ජනාධිපති කාර්යාලයට පැමිණ ජනාධිපතිතුමා හමු වූහ.

     

    ඔවුන්ගේ දක්ෂතා ඇගයූ ජනාධිපතිතුමා ඒ සඳහා කැපවූ විදුහල්පතිවරුන්ට, ගුරුවරුන්ට සහ දෙමාපියන්ට ද තම ස්තූතිය පුද කර සිටියේය.

     

    මේ අතර මහජන බැංකුවේ අනුග‍්‍රහයෙන් රුපියල් ලක්ෂය බැගින් වූ ශිෂ්‍යත්ව හා සිංහල, ඉංගී‍්‍රසි ශබ්ද කෝෂද ජනාධිපතිතුමා අතින් සිසුන් වෙත ප‍්‍රදානය කෙරිණි.  

     

    මෙහිදී අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පෙන්වා දුන්නේ 2005 වසරේ සියයට 39ක් වූ ශිෂ්‍යත්වය සමත්වන සිසුන්ගේ ප‍්‍රතිශතය අද වන විට සියයට 78.9 දක්වා ඉහළ ගොස් ඇති බවයි. ලාංකීය අධ්‍යාපන ක්ෂේත‍්‍රය ලබා ඇති ප‍්‍රගතිය ඉන් මැනවින් තහවුරු වන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

     

    අමාත්‍ය බැසිල් රාජපක්ෂ, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක යන මහත්වරු ද මෙම අවස්ථාවට එක් ව සිටියහ.

     

    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya