මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව ඇෆ්ගන් නායකයාට ජනපති සුපැතුම්

    සැප්තැම්බර් 26, 2014

    ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ඇෆ්ගනිස්ථාන් ඉස්ලාමීය ජනරජයේ ජනාධිපති ධූරයට තේරී පත් වී සිටින ආචාර්ය අශ්රෆ් ඝානී අහමඩ්සායි මැතිතුමා වෙත උණුසුම් සුබ පැතුම් පුද කරයි.


    නව ජනාධිපතිතුමාගේ ධූර කාලය සාර්ථක වේවායි ප‍්‍රාර්ථනය කරන රාජපක්‍ෂ මැතිතුමා ශ‍්‍රී ලංකා රජය සහ ජනතාව ද අහමඩ්සායි මැතිතුමාට සුභාෂිංශන පුද කිරීමට තමා සමග එක්වන බව සඳහන් කරයි.


    “ඔබතුමා ගරු කටයුතු ජනාධිපති ධූරය; දේශපාලන, ආර්ථික හා ශාස්ත‍්‍රීය ක්ෂේත‍්‍රවල මහත් දැනුම් සම්භාරයකින් පොහොසත් කරයි. ඇෆ්ගනිස්ථානයට ස්ථාවරත්වය උදා කිරීමේ ක‍්‍රියාවලිය සමග ඔබේ දිගුකාලීන සබඳතාව සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ඔබේ ඇති කැපවීම ඔබ රටේ ඉතිහාසයෙහි මේ වැදගත් සන්ධිස්ථානයේ දී ඇෆ්ගනිස්ථානයට මහඟු වත්කමක් වනු නිසැකය”, ජනාධිපති රාජපක්‍ෂ මැතිතුමා ආචාර්ය අහමඩ්සායි මැතිතුමා වෙත යැවූ පණිවිඩයේ කියා සිටී. පොදු සංස්කෘතික උරුමයකින්, මිත‍්‍රත්වයේ ශක්තිමත් සාම්ප‍්‍රදායික බැමිවලින් සහ අන්‍යෝන්‍ය සුහදතාවෙන් බැඳී සිටින ශ‍්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර අතිශය උණුසුම් සබඳතා පවතින බව ජනාධිපතිතුමා තවදුරටත් සඳහන් කරයි.


    සාක් සංවිධානය ඇතුළත සහ අන්තර්ජාතික වේදිකාවල එක්ව වැඩ කිරීම මෑත කාලයේ දී වර්ධනය වූ බව සිහිපත් කරන ජනාධිපති රාජපක්‍ෂ මැතිතුමා දෙරට අතර සබඳතා තවත් පුළුල් කරනු පිණිස ඇෆ්ගනිස්ථාන නව ජනාධිපතිතුමා සමග සමීප සහයෝගයෙන් වැඩ කිරීමට අපේක්‍ෂාව පළ කර සිටී.

     

    HC/NP/IMU

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya