මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වන සංචාරකයන්ගෙන් වසරකට මිලියන 700ක් මහා භාණ්ඩාගාරයට

    සැප්තැම්බර් 26, 2014

    වන සම්පත ආරක්ෂා කිරීමෙන් නියඟය අවම කර ගත හැකි බවත් වන සංචාරකයන් නිසා වසරකට රුපියල් මිලියන 700ක් මහා භාණ්ඩාගාරයට යවන බවත් වනජීවී හා වන සම්පත් අමාත්‍ය විජිත් විජිතමුණි ද සොයිසා මහතා පැවසීය.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (25) පාර්ලිමේන්තුවේදී සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව පිළිබඳ විවාදයට එක්වෙමිනි.

     

    නිල්ගල වනෝද්‍යානය මේ වන තෙක් ආරක්ෂා වුණේ ආදිවාසීන් නිසායි. ඔවුන් මේ නියඟයෙන් පීඩාවට පත් වුණා. ඔවුන්ව ආරක්ෂා කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. අපි වැව් හැදුවේ නැහැ කියා විපක්ෂය කියන්න උත්සාහ කළා. රඹකැන් ඔය, උමා ඔය, යාන් ඔය, දැදුරු ඔය හා වෙහෙරගල හැදුවේ අපියි. 

     

    වන සංරක්ෂණයට අපි වැඩි අවධානයක් ‍යොමු කර තිබෙනවා. ජනාධිපතුතිමා උපදෙස් දී තිබෙනවා සෑම ගොවියකුට ම අක්කර දෙක බැගින් ලබා දෙන ලෙස. අපි එය ක්‍රියාත්මක කරනවා. රබර් ගොවීන් දිරිමත් කිරීමටත් කටයුතු කරනවා යැයි අමාත්‍යවරයා සඳහන් කළේය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya