අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපතිතුමා චීන ජනාධිපති ෂී මැතිතුමා සාදරයෙන් පිළිගනී

    සැප්තැම්බර් 16, 2014
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ චීන ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිනිය විසින් අද (16) උදෑසන බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී චීන ජනාධිපති ෂී ජින්පින් (xi jinpin) සහ ජනාධිපති ආර්යාව පෙං ලියුආන් මැතිණිය පිළිගන්නා ලදී.
     
    චීන ජනාධිපතිතුමා සහ එම මැතිණිය පිළිගැනීමේ විචිත්‍රවත් වූ උළෙලට සිය ගණනක් පාසල් සිසුන් හා සිසුවියන් සහභාගි වූ අතර ඉන් අනතුරු ව ඔවුහු දූත පිරිස සමඟ කොළඹට පැමිණියහ.
     
    චීන ජනාධිපති සහ ඔහුගේ දූත පිරිස පිළිගැනීම සඳහා ඉහළ පෙළේ නිලධාරීන් ගණනාවක් ද ගුවන් තොටුපළට පැමිණ සිටියහ.
     
    අද ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපතිතුමා ෂී මැතිතුමා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සමඟ ද්විපාර්ශ්වීය සාකච්ඡා සඳහා සහභාගිවන අතර නොරොච්චෝලේ ලක්විජය විදුලි බලාගාරයේ තෙවන අදියර බලගැන්වීම ද සිදු කරයි. දෙරට අතර සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා නායක දෙපළ ද්විපාර්ශ්වීය ගිවිසුම් 20කට අධික ප්‍රමාණයක් අත්සන් තැබීමට ඔවුන්ගේ දූත පිරිස් සමඟ එක්වීමට ද නියමිතය.
     
    අද අරලියගහ මන්දිරයේ දී ජනාධිපති රාජපක්ෂ මැතිතුමා සහ ආර්යාව විසින් චීන ජනාධිපතිතුමා සහ එම ආර්යාව හා එම දූත පිරිස සඳහා රාත්‍රී භෝජන සංග්‍රහයක් ද පවත්වනු ඇත.
     
    ජනාධිපති රාජපක්ෂ මැතිතුමා සහ ෂී මැතිතුමා හෙට (17) කොළඹ වරාය නගරය ඉදිකිරීම ආරම්භ කිරීම සඳහා කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තයේ චාරිකාවක නිරතවීමට ද නියමිතය.
     
    DB
     
    he china visit 1
     
     
    he china visit 2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya