මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහාචාර්ය ඒ.වී. සුරවීර ශෝක ප්‍රකාශ යෝජනා අද පාර්ලිමේන්තුවට

    අගෝස්තු 22, 2014

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් හා නියෝජ්‍ය අමාත්‍යවරයකු වශයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සභාව ගම්පහ දිස්ත්‍රික්කයෙන් නියෝජනය කළ ප්‍රවීණ අධ්‍යාපනඥයෙකු වූ මහාචාර්ය ඒ.වී. සුරවීර මැතිතුමාගේ අභාවය පිළිබඳ ශෝකය පළ කිරීමේ යෝජනා අද (22) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.


    ශෝක ප්‍රකාශ යෝජනා ආරම්භ කරමින් සභානායක, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසුවේ වාමාංශික මත දැරූ  ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයකු වූ එතුමා 1994 වසරේදී අනපේක්‍ෂිත අයුරින් සරසවි සේවාවෙන් ඉවත් ව එම වසරේ පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්කයෙන් පොදුජන එක්සත් පෙරමු‍ණ යටතේ තරග කරමින් සුරවීර මහතා ඉන් ජය ලබා මෙම උත්තරීතර සභාවේ අසුන් ගැනීමට වාසනාවන්තයකු වූ බවයි.


    නිමල් සිරිපාල ද සිල්වා මහතා අදහස් දක්වමින්; “සංස්කෘතික හා ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු භාරගත් එතුමා එම තනතුර තුළින් විශාල කාර්යභාරයක් ඉටුකරමින් අනාගත පරපුර වෙනුවෙන් අපේ සංස්කෘතිය රැක ගැනීමට අනුපමේය දායකත්වයක් ලබාදුන් අතර එම කාලවකවානුව තුළ හෙළ සංස්කෘතියේ උන්නතිය වෙනුවෙන් කැපවන කලාකරුවන් 150 ‍දෙනෙකු වෙත සාමදාන විනිශ්චයකාර තනතුරු පිරිනැමීම, කෞතුකාගාර පුස්තකාල සංරක්ෂණ  ව්‍යාපෘතිය ආරම්භ කිරීම, රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය පැවැත්වීම, ප්‍රාදේශීය මට්ටමින් සාහිත්‍ය කලා ප්‍රසාදිනී උත්සව සංවිධානය කිරීම, හටන් කාව්‍ය ව්‍යාපෘතියක් ආරම්භ කිරීම, සංඛ සඟරාව ක්‍රමවත් හා විධිමත් ස්වරූපයෙන් පවත්වාගෙන යාම හා දිවයින පුරා සංස්කෘතික මධ්‍යස්ථාන ආරම්භ කිරීම වැනි කාර්යයන් රැසක් ඉටු කරලීමට එතුමාට හැකියාව ලැබිණි.


    2000 වසරේදී මන්ත්‍රී ධූරයෙන් ඉවත්වීමෙන් පසු මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්‍ෂ ජනරාල්, ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ සභාපති වැනි තනතුරු හෙබ වූ සුරවීර මහතා රජරට විශ්වවිද්‍යාලයේ කුලපති වශයෙන්ද ගෞරවනීය තනතුරක් හෙබවූවේය. විශ්වවිද්‍යාල ක්‍ෂේත්‍රයටත්, පොදුවේ සාහිත්‍ය කලාවටත් එතුමා අතින් ඉටු වූ අමිල මෙහෙවර උදෙසා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මගින් ‘සේවාර්ජිත මහාචාර්ය’ නම් වූ විශිෂ්‍ට සම්මානයත්, ‘සාහිත්‍ය සූරී’ සම්මාන උපාධියත් සුරවීර මහතාට පිරිනැමුණු බව සභානායකවරයා පැවසීය.


    HC/NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya