අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශ්වවිද්‍යාල සිසුන් වෙනුවෙන් ඉදිරියේදී නේවාසිකාගාර පහසුකම්වල වැඩිවීමක්

    අගෝස්තු 22, 2014

    විශ්වවිද්‍යාල සිසුන් සඳහා නේවාසිකාගාර පහසුකම් සැපයීමේදී තෝරා ගැනීමේ නිර්ණායක විශ්වවිද්‍යාලයෙන් විශ්වවිද්‍යාලයට වෙනස් වන බවත් නේවාසිකාගාර පහසුකම් සැපයීමේදී පොදු ප්‍රතිපත්තියක් ලෙස පළමු වසර හා අවසන් වසර සිසුන් සඳහා ප්‍රමුඛත්වයක් ලබා දෙන බවත් උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පැවසීය.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (21) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

     

    නිවසේ සිට ඇති දුර ප්‍රමාණය, දෙමාපියන්ගේ ආදායම් තත්ත්වය, විශේෂ අවශ්‍යතා ඇති සිසුන් සඳහා (ආබාධිත බව, අසනීපතාව) හා ක්‍රීඩා හා වෙනත් අංශවවල ජාතික හා අන්තර්ජාතික සහභාගිත්වය අනුව ද සිසුන් සඳහා නේවාසිකාගාර පහසුකම් සැපයීමට පියවර ගැනේ. විවෘත විශ්වවිද්‍යාලයේ සිසුන් සඳහා නේවාසිකාගාර පහසුකම් සලසා නැත. බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ සියලුම භික්ෂූන් වහන්සේලා හා ගිහි පිරිමි ශිෂයයන්ට අවශ්‍ය නේවාසිකාගාර පහසුකම් සපයන බව ද ඔහු කීය.

     

    විශ්වවිද්‍යාල සතු නේවාසිකාගාර පහසුකම් ලබාදීමට නොහැකි සිසුන් සඳහා විකල්පයක් ලෙස බොහෝ විශ්වවිද්‍යාල කුලී පදනම මත පෞද්ගලික නේවාසිකාගාර පවත්වා ගෙන යනු ඇත. විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවතින මේ නේවාසිකාගාර ප්‍රශ්නයෙන් පීඩාවට පත්වන සිසුන් හා දෙමාපියන්ට සහන සැලසීමක් ලෙස සිසුන්ගේ අධ්‍යාපන තත්ත්වය තවදුරටත් යහපත් කිරීමක් වශයෙන් කඩිනම් නේවාසිකාගාර ව්‍යාපෘතියක් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බවද අමාත්‍යවරයා කීය.

     

    එම ව්‍යාපෘතිය යටතේ මහල් 04කින් යුත් නේවාසිකාගාර 60ක් අදියර 02ක් යටතේ ඉදිකරනු ලබන අතර එමඟින් සිසුන් 24,000කට නේවාසිකාගාර පහසුකම් සැලසේ. මේ ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ 2013 සැප්තැම්බර් ඉදිකිරීම් ආරම්භ කළ නේවාසිකාගාර 30ක කටයුතු 2014 සැප්තැම්බර් අවසන් කෙරේ. දෙවන අදියර යටතේ ඉදිකරනු ලබන නේවාසිකාගාර 30ක් 2014 ඔක්කෝබර් ආරම්භ කොට 2015දී නිම කිරීමට කටයුතු යොදා ඇත. මේ ව්‍යාපෘතිය සඳහා රජය විසින් දරනු ලබන සියලු බදු ඇතුළත් සමස්ත වියදම රුපියල් බිලියන 13.8ක් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

     

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya