අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටේ ආර්ථිකය හදන්නේ තරුණ පරපුරට- අනාගතය ගැන බලාපොරොත්තුවක් ඇති කර ගත හැකියි- අගමැති

    මාර්තු 14, 2019

    රටේ ආර්ථිකය හදන්නේ තරුණ පරපුරට බවත් අනාගතය ගැන බලාපොරොත්තුවක් ඇති කර ගැනීමට හැකි බවත් ත්‍රීකුණාමලයේ ඉදිරි මාස දෙක තුළ වෙළඳ කලාපයත් වානේ කර්මාන්තශාලාවත් ආරම්භ කරන බවත් අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    අග්‍රාමාත්‍යවරයා අද (14) පාර්ලිමේන්තුවේ දී අයවැය 2019 කාරකසභා අවස්ථාවේ විවාදයේ පිළිතුරු කතාව කරමින් මේ බව ප්‍රකාශ කළේ ය.

    ජාතික ප්‍රතිපත්ති,ආර්ථික කටයුතු,නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන,උතුරු පළාත් සංවර්ධන,වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශය වැය ශීර්ෂය අද විවාදයට ගැනිණි

    2004 ලංකාවේ අපනයනය මාසා නිමකළ ඇදුම් හා පේෂ කර්මාන්ත ආදායම ඩොලර් මිලියන 2800යි  වසර2004  සියයට සීයක් වැඩි වුණේ නෑ. 2015 දී  ඩොලර් මිලියන 27500යි. අපේ ජී.එස්.පී (GSP +) නැතිකළා. ඒ වාසිය බංගලාදේශයට ගියා. ඒ නිසා ස්වර්ණමය යුගය තියෙන්නේ බංගලාදේශයෙයි.  අපට රටේ අන්තිමට ණයක් දුන්නේ. රටේ ජනතාව මේ පවු ගෙව්වා. අපි සීනි බෝල දුන්නේ නෑ. ප්‍රාථමික හා ජංගම ගිණුමේ අවුරුදු 70 කට පසු අතිරික්තයක් තිබෙනවා. ගිණුම් ශේෂයේ අතිරික්තයක් ඇති කළ යුගය ද , ණය කළ යුගය ද ස්වර්ණමය යුගය?

    ස්මාර්ට් පන්තිකාමර තිබෙනවා. ගෙවල් හදුවා. වතුකරය හඳනවා. සින්නකර අයිතිය ඉඩම්වලට දෙන්න යනවා. සංචරකයින් එනවා. මාර්තු 4 බිංගිරියේ විශාලම වෙළඳ කලාපය ආරම්භ කළා. මේ මාසයේ අන්තිම බිංගිරියට වඩා දෙවන පිරිපහදුව, හම්බන්තොට ඇතිකරනවා. සිමෙන්ති කර්මාන්තශලාවක් හදනවා.ත්‍රීකුණාමලයේ ඉදිරි මාස දෙක තුළ වෙළඳ කලාපයත් වානේ කර්මාන්තශාලාවත් ආරම්භ කරනවා. විපක්ෂයට මේවා අහගෙන ඉන්න බෑ.රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළා. රටේ ආර්ථිකය හදන්නේ තරුණ පරපුරට.ආර්ථිකය දෙස බලන්න.අනාගතය ගැන බලාපොරොත්තුවක් ඇති කරගන්න පුළුවන්. 2025 වන විට මේ රට ඉදිරියට ගෙනයනවා''යයි ද අග්‍රාමාත්‍යවරය පැවසී ය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya