අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හදිසි පක්ෂ නායක රැස්වීමක්-පාර්ලිමේන්තුව තාවකාලිකව අත්හිටුවයි

    පෙබරවාරි 07, 2019

    පාර්ලිමේන්තු සභාවේ කටයුතු මීට සුළු මොහොතකට පෙර  තාවකාලිකව නතර කිරීමට කතානායක කරූ ජයසූරිය මහතා  පියවර ගත්තේ ය.

    හදිසි පක්ෂ නයක රැස්වීමක් කදවීම හේතුවෙන් මෙසේන්  පාර්ලිමේන්තුවේ කටයුතු තාවකාලිකව අත් හිටුවීමට  කතානායකවරයා කටයුතු කළේ ය.

    ව්‍යවස්ථාදායක සභාව සම්බන්ධයෙන් ඊයේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ දී කළ අඳහස් දැක්වීම පිළිබඳව අද (7)  පාර්ලිමේන්තුවේ දී කතානායක කරූ ජයසූරිය මහතා  ව්‍යවස්ථාදායක සභාවේ කටයුතු පිළිබඳව පිළිතුරු ලබාදුන්නේ  ය.

    ව්‍යවස්ථාදායක සභාවේ කටයුතු විනිවිදභාවයෙන් සිදු කර  තිබෙන බවත්  ඊයේ මතු කළ  ඇතැම් කරුණු නිවැරැදි නොවන බවත් කතානයකවරයා සිය පැහැදිළි කිරීමේ දී සඳහන් කළේ  ය.ව්‍යවස්ථාදායක සභාවේ සභාපතිවරයා ලෙස මේ පිළිබඳව
    පැහැදිළි කිරීමට අයිතියක් තිබෙන බවද කතානායකවරයා  පෙන්වා දුන්නේ ය.

    එහිදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් දිගින් දිගටම විරෝධය පළ කළ  අතර ජනාධිපතිවරයාට එරෙහිව යෝජනාවක් නොමැතිව  විවේචනය කළ නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ්  ගුණවර්ධන මහත කියා සිටියේ ය. මෙහිදී විපක්ෂයේ  මන්ත්‍රීවරු ව්‍යවස්ථාදායක සභාව සම්බන්ධයෙන් අද දිනම  විවාදයක් ඉල්ලා සිටි අතර එහිදී උණුසුම් වද විවාදයක් ඇති  විය. පසුව මේ පිළිබඳව සාකච්ඡා කිරීමට පක්ෂ නායක  රැස්වීමක් කඳවීමට කතානයවරයා පියවර ගත්තේ ය.

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya