අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කලාභූෂණ රාජ්‍ය සම්මාන උලෙළ අද ජනපති ප්‍රධානත්වයෙන්

    ජනවාරි 29, 2019

    ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් විශිෂ්ට සේවයක් ඉටු කළ කලා ශිල්පි ශිල්පිනියන් ඇගැයිමට ලක් කෙරෙන කලාභූෂණ රාජ්‍ය සම්මාන උලෙළ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (29) ප.ව 4.00 ට කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත් වේ.

    සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් වාර්ෂිකව සංවිධාන කරනු ලබන මෙම සම්මාන උලෙළ මෙවර පැවැත්වෙන්නේ 34 වන වරට වන අතර, සියලු දිස්ත්‍රික්ක නියෝජනය වන පරිදි සිංහල, දෙමළ, මුස්ලිම් කලාකරුවන් දෙසිය දෙනෙක් මෙහි දී උපහාර ලබති.

    ජනශ්‍රැති, නර්තන, රූපවාහිනී, සාහිත්‍ය, දෘශ්‍ය කලා, නාට්‍ය, ඡායාරූප, සංගීත, ගුවන්විදුලි යන ක්ෂේත්‍ර යටතේ මෙකී සම්මාන පිරිනැමීම සිදු කෙරේ.

    ජ්‍යෙෂ්ඨ කලාකරුවන් ඇතුළු සම්භාවනීය ආරාධිතයෝ රැසක් මීට එක්වීමට නියමිත ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya