ජනවාරි 24, 2020
tami eng youtube  twitter facebook

    මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා සිංගප්පූරුව යොදාගන්නා ශිල්පීය සහ තාක්ෂණික දැනුම ශ්‍රී ලංකාවට ලබාදීමට එරට රජයේ එකඟතාවය

    ජනවාරි 24, 2019

    මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් සිංගප්පූරු රජය යොදාගන්නා ශිල්පීය සහ තාක්ෂණික දැනුම ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනට හඳුන්වා දීමට එරට බලධාරීන් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත සිය එකඟතාවය පළ කරයි.

    සිංගප්පුරුවේ දෙදින නිල සංචාරයක නිරත ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ සිංගප්පූරු රජයේ සමාජ හා පවුල් සංවර්ධන අමාත්‍ය සහ ජාතික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ඩෙස්මන්ඞ් ලී (Desmond Lee) මහතා ඇතුළු එරට මත්ද්‍රව්‍ය නිවාරණයට අදාළ අංශවල නිලධාරීන් අතර හමුවක් අද (24) පෙරවරුවේ මැන්ඩරීන් ඔරියන්ටල් හෝටලයේ දී පැවත්වුණු අතර, ශ්‍රී ලංකාවේ මත් උවදුර මර්දනයට සහය ලබාදෙන ලෙස ජනාධිපතිතුමා එහිදී කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් මෙම එකඟතාවය පළ කෙරිණි.

    ඒ අනුව මත්ද්‍රව්‍ය නිවාරණය සහ පාලනය වෙනුවෙන් ශ්‍රී ලංකාව ගෙන යන වැඩපිළිවෙළ උදෙසා සිංගප්පුරුවේ සහය ලබාදීම පිළිබඳ සොයා බැලීමට සිංගප්පූරු රජය ද නියෝජනය කරමින් විශේෂ නියෝජිත පිරිසක් නුදුරේම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත ය.

    සිංගප්පුරු රජය මත්ද්‍රව්‍ය වැටලීම්වලට අදාළව අනුගමනය කරන්නා වූ ක්‍රියාදාමයන් පිළිබඳවත්, නීතිවිරෝධි මත්ද්‍රව්‍ය මර්දනය වෙනුවන් එරට රජය දියත්කරන ජාතික වැඩසටහන් පිළිබඳවත් ජනාධිපතිතුමා වෙත මෙහිදී නිලධාරින් කරුණු ඉදිරිපත් කළහ. මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් එරට අමාත්‍යාංශ කිහිපයක් ජාතික මට්ටමින් ක්‍රියාවට නංවා ඇති වැඩසටහන්වල වත්මන් ප්‍රගතිය පිළිබඳව ද ජනාධිපතිතුමා දැනුවත් කෙරිණි.

    ශ්‍රී ලංකාව ට මහත් ව්‍යසනයක්ව ඇති මත් උවදුර පාලනය සහ මර්දනය වෙනුවෙන් ශ්‍රී ලංකාව ද ජාතික මට්ටමින් ක්‍රියාවට නංවා ඇති වැඩපිළිවෙළ පිළිබඳව ජනාධිපතිතුමා මෙහිදී අදහස් දැක්වීය. එමෙන්ම මත්ද්‍රව්‍ය මර්දනය වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කරන පොලිස් නිලධාරීන් අගයමින් ඔවුන් වෙත ජනාධිපති සම්මාන පිරිනැමීමට තමා ඉදිරි සතියේ දී පියවර ගන්නා බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

    මෙම සාකච්ඡාවට එරට රජයේ සමාජ හා පවුල් සංවර්ධන අමාත්‍ය සහ ජාතික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ඩෙස්මන්ඩ් ලී (Desmond Lee), ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ අන්තර්ජාතික සහයෝගිතා සහ සම්බන්ධීකරණ අංශයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ ලින්ග් යන්ග් අර්න් (Ling Young Ern), මධ්‍යම මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශයේ වැඩබලන අධ්‍යක්ෂ සෙබස්තියන් ටැන් (Sebastian Tan), මධ්‍යම මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශයේ සන්නිවේදන අධ්‍යක්ෂ සන්ග් චෙන් හොන්ග් (sng Chern Hong) යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya