මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනතාව ණය බරින් මුදවා ගැනීමට ''එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා'' වැඩසටහන හඳුන්වා දුන්නා- අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල

    ජනවාරි 23, 2019

    ජනතාව ණය බරින් මුදවා ගැනීමට එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන රජය හඳුන්වා දුන් බවත් මෙම වැඩසටහන මඟින් ප්‍රථමවරට බැංකු ගමට ගිය බවත් සභානායක, රාජ්‍ය ව්‍යාපාර, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසී ය.

    අමාත්‍යවරයා අද (23) පාර්ලිමේන්තුවේ දී ණය සහනදායක (සංශෝධන ) පනත් කෙටුම්පත විවාදයට ගත් අවස්ථාවේ දී සභාව අමතමින් මෙසේ ප්‍රකාශ කළේ ය.

    එහිදී අඳහස් දැක්වූ අමාත්‍යවරයා;

    විශේෂයෙන් උතුරු නැඟෙනහිර ජනතාව ගැන කල්පනා කරල ඒ අයගේ ණය වලින් සීයයට ගණනක් කපා දමන්න කටයුතු කළා. බැංකු වලින් ඉක්මනින් ණය ලබාදිය යුතුයි. මේ ප්‍රශ්නයට විසඳුම එයයි . ඒ නිසා රජය එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන පටන් හත්තේ. මේ වැඩසටහනින් ප්‍රථමවරට බැංකු ගමට ගියා. මේ ප්‍රශ්නය රජය දන්නවා. මේ ගැන සොයා බලා තවදුරටත් කටයුතු කර පියවර ගන්නවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya