අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2013 ශ්‍රී ලංකා රක්ෂණ ලාභය මිලියන 4655ක්

    ජූලි 24, 2014

    ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව 2013 වසරේදී ව්‍යාපාර වර්ධනයත් සමඟ ජීවිත රක්ෂණය සහ සාමාන්‍ය රක්ෂණ අංශයන් සඳහා බදු පසු ඒකාබද්ධ ලාභය රුපියල් මිලියන 4655ක් දක්වා වර්ධනය කර ගෙන ඇති බවත් එය 2011දී රුපියල් මිලියන 4214ක් වූ අතර 2012දී එය රුපියල් මිලියන 4235ක් දක්වා වර්ධනය වී ඇති බවත් මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (24) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශනයකට පිළිතුරු දෙමිනි.

     

    2012 වසරේදී රක්ෂණ ව්‍යාපාර ක්ෂේත්‍රයේ වාර්තා වූ දත්ත අනුව රථවාහන රක්ෂණය සඳහා 24.5%ක ව්‍යාපාරික කොටසක් අත්පත් කර ගනිමින් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව මෝටර් රථ රක්ෂණ ව්‍යාපාර අංශයේ ප්‍රමුඛයා බවට පත් වී ඇතැයි ද ඔහු පෙන්වා දුන්නේය.



    ජීවිත රක්ෂණය සඳහා අඛණ්ඩ ශක්තිමත් වර්ධනයක් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව පෙන්වන අතර 2012 වර්ෂයේ දී නුබුන්වත් අනුපාතය 11.01%ක් දක්වා වර්ධනය වී ඇත. බැංකු හා  රක්ෂණ ක්ෂේත්‍රයේ රැකියාවල නියුතුවූවන් මාසිකව රුපියල් මිලියනය ඉක්මවා වැටුප් ලැබීම ගැටලුවක් නො වේ. ඊට හේතුව බැංකු ව්‍යාපාරයේ ලාභාංශ වැඩිවීම බව අමාත්‍යවරයා සඳහන් කළේය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya