අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නීති විරෝධි කටයුතු සහ අක‍්‍රමිකතාවන් පිළිබඳ කුමන අන්දමේ බලපෑම් එල්ලවුව ද රාජ්‍ය නිලධාරින් ඊට ඉඩ නොතැබිය යුතුයි- ජනපති අවධාරණය කරයි

    දෙසැම්බර් 23, 2018

    නීති විරෝධි කටයුතු සහ අක‍්‍රමිකතාවන් පිළිබඳ කුමන අන්දමේ බලපෑම් එල්ලවුව ද රාජ්‍ය නිලධාරින් ඊට ඉඩ නොතැබිය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.


    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව අවධාරණය කළේ  (21) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී නව අමාත්‍යාංශ ලේකම්වරුන් අමතමිනි.

    නව අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත පත්වීම් ලිපි ප‍්‍රදානය කිරීමෙන් අනතුරුව ඔවුන් ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ රට සහ ජනතාව වෙනුවෙන් නිවැරදි තීන්දු තීරණ ගන්නා රාජ්‍ය නිලධාරින් වෙනුවෙන් ජනාධිපතිවරයා ලෙස මෙන්ම පෞද්ගලිකව ද තමා සෑමවිටම පෙනී සිටින බවයි.

    යහපාලනය යන වචනය අප කොතෙක් භාවිතා කළ ද මෙරට රාජ්‍ය පාලනය පිරිසිදු පාලනයක් බවට වූ සහතිකය තවමත් අපට ජනතාවගෙන් ලැබී නොමැති අතර, රටේ ජනතාව අපේක්ෂා කරන යහපත් රාජ්‍ය පාලනය වෙනුවෙන් නිසි ලෙස තම වගකීම් ඉටුකරන්නැයි ද ජනාධිපතිතුමා මෙහිදී සියලූ අමාත්‍යාංශ ලේකම්වරුන්ගෙන් ඉල්ලා සිටියේය.

    වංචාවට, දූෂණයට සහ අක‍්‍රමිකතාවයට එරෙහි සටන සමග නිරන්තරයෙන් රටේ ජනතාව අත්වැල් බැඳගෙන සිටින බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා රාජ්‍ය සම්පත් විනාශ කරමින් සහ ජනතා මුදල් සොරකමි කරමින් සිදුකරන වංචා දූෂණ සැමදා රහසක්ව නොපවතින අතර එය කෙදිනක හෝ මහජනතාව හමුවේ අනාවරණය වන බවත්, නියත වශයෙන්ම වැරදිකරුවන්ට දඬුවම් විදීමට සිදුවන බවත් කියා සිටියේය.

    දුගී බවින් තොර රටක් සහ විනයගරුක සමාජයක් ගොඩනැගීම අද අප හමුවේ ඇති ප‍්‍රධාන අභියෝග බවට පත්ව ඇති බව සඳහන් කළ ජනාධිපතිතුමා එම අභියෝග ජය ගැනීමේ දී මෙරට රාජ්‍ය නිලධාරින් කෙරෙහි තමා පූර්ණ විශ්වාසයක් තබා ඇතැයි ද සඳහන් කළේය.

    අමාත්‍යාංශවල මෙන්ම අමාත්‍යාංශ යටතේ ඇති සියලු දෙපාර්තමේන්තු, සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩලවල කාර්යභාරය පිළිබඳ නිරන්තරයෙන් සොයා බලමින් ඒවා නිවැරදිව මෙහෙයවීම අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ වගකීම බව සඳහන් කළ ජනාධිපතිතුමා මසකට වරක්වත් අදාළ ආයතන වෙත ගොස් කාර්යමණ්ඩල හමුවී ඔවුන් දිරිමත් කිරීමට සහ අවශ්‍ය මගපෙන්වීම් සිදු කිරීමට කටයුතු කිරීම පිළිබඳව ද නව අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ අවධානය යොමු කළේය.

    ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya