අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධික වැසි සහ ගංවතුරෙන්ව විපතට පත් සැමට කඩිනමින් සහන සලසන ලෙස ජනපති උපදෙස් දෙයි

    දෙසැම්බර් 24, 2018

    අධික වැසි සහ ගංවතුරෙන් විපතටපත්වූ මුලතිව්, කිලිනොච්චි සහ මන්නාරම දිස්ත‍්‍රික්කවල ජනතාව වෙනුවෙන් කඩිනමින් සහන සැලසීමට ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා අදාළ අංශවලට උපදෙස් දෙයි.

    ගංවතුර තර්ජනය පහවයනතෙක් තර්ජිත ප‍්‍රදේශවල වැසියන් සියලු දෙනාවෙත අවශ්‍ය සියලු පහසුකම් නොපමාව සලසන ලෙසත්, ඒ වෙනුවෙන්අවශ්‍ය ප‍්‍රතිපාදන කඩිනමින් දිස්ත‍්‍රික් ලේකම්වරුන් වෙත මුදාහරින ලෙසත් අමාත්‍යංශ ලේකම්වරුන් ඇතුළු අදාළ අංශවලට උපදෙස් දී ඇති ජනාධිපතිතුමා, උතුරු පළාත් ආණ්ඩුකාරතුමා දිස්ත‍්‍රික් ලේකම්වරුන්,යුදහමුදාපතිවරයා සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන එක්ව මෙම සහන වැඩසටහන් කඩිනමින්ක‍්‍ ක්‍රියාත්මක කරන ලෙසට ද වැඩිදුරටත් උපදෙස් දී ඇත.

    උතුරු පළාතට බලපෑ තද වැසි හේතුවෙන් කිලිනොච්චි, මුලතිව් සහ මන්නාරම දිස්ත‍්‍රික්ක ගංවතුර තර්ජනයට මුහුණ පෑ අතර, ඒ හේතුවෙන් පිටාර මට්ටම ඉක්මවා ගිය ඉරණමඩු ඇතුළු ජලාශ කිහිපයක වාන්දොරටු විවෘත කිරීමට ද කටයුතු කෙරෙණි.

    ගංවතුර තර්ජනය හේතුවෙන් කිලිනොච්චි, මුලතිව් සහ මන්නාරම් දිස්ත‍්‍රික්කවල වැසියන් විපතටපත්ව පීඩාවිඳින අතර එම දිස්ත‍්‍රික්කවල ක‍්‍රියාත්මක ආරක්ෂිත කඳවුරු 40ක් තුළ එම වැසියන්ට සහන සැලසීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු යොදා ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya