අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධ්‍යාපන ක්ෂේත්‍රයේ දේශපාලන පළිගැනීම් මත පත්වීම් හා උසස්වීම් පිරිනැමීම නැවත පරීක්ෂා කර බැලීමට පත්කළ කමිටු වාර්තාව ජනපතිට

    දෙසැම්බර් 21, 2018

    ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන, ගුරු අධ්‍යාපනඥ, විදුහල්පති හා ගුරු සේවාවන් හි දේශපාලන පළිගැනීම් මත පත්වීම් සහ උසස්වීම් ලබාදීම් සම්බන්ධයෙන් පරීක්ෂා කර නිර්දේශ ලබාදීම සඳහා පත්කරන ලද කමිටුවේ වාර්තාව අද (21) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්විණි.

    එම කමිටුවේ සභාපති, අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය ජයරත්න මහතා විසින් වාර්තාව ජනාධිපතිතුමා වෙත පිළිගන්වනු ලැබීය.

    වසර 1994 සිට 2014 දක්වා කාලය තුළ සිදුවූ බව කියන දේශපාලන පළිගැනීම් මත අධ්‍යාපන ක්ෂේත්‍රයේ පත්වීම් සහ උසස්වීම් ලබාදීම සම්බන්ධයෙන් දැඩි විරෝධයක් අධ්‍යාපන වෘත්තීය සමිති වෙතින් එල්ල වූ අතර, ඊට ප්‍රතිචාර වශයෙන් එම පත්වීම් සහ උසස්වීම් පිළිබඳ පරීක්ෂා කර බලා නිර්දේශ ලබාදෙන ලෙස ජනාධිපතිතුමා විසින් එම කමිටුව පත්කරනු ලැබුවේ පසුගිය සැප්තැම්බර් මාසයේය.

    ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සැදුම්ලත් සත් පුද්ගල නිලධාරී මණ්ඩලයකින් මෙම කමිටුව සමන්විත විය.

    වාර්තාව බාරදීමේ අවස්ථාවට එම කමිටුවේ අනෙකුත් සාමාජිකයින් ද එක්ව සිටියහ.

    PMD

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya