අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා අගමැති රාහුල් ගාන්ධි හමුවෙයි

    ඔක්තෝබර් 19, 2018

    ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය ජාතික කොන්ග්‍රසයේ සභාපති රාහුල් ගාන්ධි මහතා ප්‍රමුඛ එම කොංග්‍ර‍සයේ ප්‍ර‍ධානීන් වන ආචාර්ය මන්මෝහන් සිං, සෝනියා ගාන්ධි, ආනන්ද ෂර්මා යන මහත්ම මහත්මීහු නවදිල්ලි නුවර ටාජ් හෝටලයේ දී හමුවී සාකච්ඡා පැවැත්වූහ.

    කොන්ග්‍රසය නියෝජනය කරමින් ආචාර්ය මන්මෝහන් සිං, සෝනියා ගාන්ධි සහ ආනන්ද ෂර්මා යන මහත්ම මහත්මීහු මේ සාකච්ඡාවට එක් වූ අතර කලාපීය ආර්ථික හා දේශපාලන ප්‍රවණතා පිළිබඳව ද අදහස් හුවමාරු කර ගැනිණි.


    ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන සමාජ සුභසාධන වැඩසටහන් පිළිබඳව කරුණු දැන ගැනීමට කොන්ග්‍රස් නියෝජිතයෝ උනන්දු වූහ. අනාගත ආසියාවේ හැඩතල සහ ප්‍රබලත්වය සම්බන්ධයෙන් ද, අන්තවාදය දුරු කරලීමේ අවශ්‍යතාව පිළිබඳව ද මෙහිදී කරුණු සඳහන් කෙරිණි.

     

    ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ලෙස වික්‍රමසිංහ මහතා රාහුල් ගාන්ධි ප්‍රධාන කොන්ග්‍රස් නියෝජිතයන්ට ආරාධනා කළ අතර, ඔවුහු ස්තුති පූර්වකව ආරාධනාව පිළිගත්හ.

     

    නවදිල්ලියේ නිල සංචාරයක යෙදී සිටින අග්‍රාමාත්‍යවරයා ඉතා උණුසුම් ලෙස ඉන්දීය රජය විසින් පිළිගනු ලැබීය.ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා අතර ඉහළ පෙළේ සාකච්ඡාව ඔක්තෝබර් 20 වන හෙට දින නවදිල්ලි නුවරදී පැවැත්වීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි.

    ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය නිල සංචාරයේ දී විදේශ ඇමතිනි ශ්‍රීමතී සුෂ්මා ස්වරාජ්, ස්වදේශ ඇමති රාජනාත් සිං ඇතුළු ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයින් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

    තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ සහ දක්‍ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම යන මහත්වරුන් සමග අග්‍රාමාත්‍ය කාර්යාලයීය නිලධාරීහු මේ සංචාරයට එක්වෙති.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya