අප්‍රේල් 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පරීක්ෂණ කොමිෂන් සභා ( සංශෝධන ) පනත් කෙටුම්පත විවදයට - අල්ලස් කොමිෂම ශක්තිමත් කළ යුතුයි

    ඔක්තෝබර් 12, 2018

    අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ශක්තිමත් කළ යුතු බවත් පළමු වරට කොමිෂම වෙත විශේෂඥයින් බඳවා ගැනීමට කටයුතු කරන බවත් උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අද (12) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    පරීක්ෂණ කොමිෂන් සභා ( සංශෝධන ) පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි. විවාදය ආරම්භ කරමින් උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.

    මෙම පනත වරින් වර සංශෝධනය වී තිබෙනවා. මෙම නීතිය රටට හඳුන්වාදී තිබෙන්නේ රටේ ආයතනය තුළ නීතිය ආධිපත්‍ය ආරක්ෂා කර ජනතා යහපත වෙනුවෙන් ක්‍රියාත්මක වීම සොයා බැලීමටයි. කුමන හෝ ආයතනයක දූෂණයක් වී තිබෙනව නම් ජනතාවට, රජයට එයින් හානියක් වී තිබෙනවා නම් කරුණු ගවේෂණය කිරීමට මෙම පනත ක්‍රියාත්මක වූ දින සිට රටේ ක්‍රියාත්මක වෙන්නේ.

    වෙනම විමර්ශන ආරම්භ කරලා, අධිකරණය ඉදිරියේ ඔප්පු කළ හැකි ප්‍රමාණවත් සාක්ෂි තිබෙනවා නම් නඩු පැවරිය හැකියි. මෙය දෙවරක් කරන්න ඕන. විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට සංශෝධන පනතක්  ඉදිරිපත් කළා. නීතියේ ආධිපත්‍ය ගැන පාර්ලිමේන්තුවේ කතා කරනවා. එය නිවැරැදි කරගන්න උත්සහ කරන විට එයට විරුද්ධ වෙනවා නම් එය විරුද්ධ වන අයගේ ප්‍රශ්නයක්. කොමිෂන් සභා පනතෙන් හෝ ජනාධිපති පරීක්ෂණ කොමිෂමෙන් යම් වරදක් ඔප්පු වී තිබුණත් දඬුවන් ලබාදිය නොහැකියි.ඒ සාක්ෂිය, වෙනත් නඩුවක දී ආවේෂය කර ගැනීම පමණයි කළ හැක්කේ.

    මේ පනත් දෙකේම සම තත්ත්වයක් ඇති කර ගන්න හා විමර්ශන දෙකක් කිරීම අවම කර ගැනීම මෙම සංශෝධනයෙන් බලාපොරොත්තු වෙන්නෙ.අල්ලස් කොමිෂම ශක්තිමත් කිරීම නිරන්තරයෙන් සාකච්ඡා 
    කරනවා. 2018 දී වරදකරුවන් 59 දෙනෙක් සිටිනවා. තවත් 33ක් අල්ලස් පනත යටතේ නඩු පවරා තිබෙනවා. වැටලීම් විශාල සංඛ්‍යාවක් කර තිබෙනවා. 2018 මේ දක්වා වැටලීම් 30ක් කර  තිබෙනවා.

    පසුගිය නඩු කටයුතු බැලූ විට නිලධාරීන් පුළුවන් උපරිමයෙන් කටයුතු සිදු කරනවා. ආයතනය ඉතාමත් ශක්තිමත්ව කරගෙන යනවා. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂම ශක්තිමත් කළ යුතුයි. පලමු වරට කොමිෂමට විශේෂඥයින් බඳවා ගන්න යනවා. අපට ප්‍රමාණවත් සම්පත් හා විශේෂඥයින් නැහැ.

    අල්ලස් පනතට ගේන සංශෝධනයෙන් සෑහිමකට පත් වෙන්න බෑ. වත්කම් බැරකම් පනත සංශෝධනය කළ  යුතුයි. ඒ සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.විදේශ ගනුදෙනු වලදී අල්ලස් දීම්, මුදල් ගණුදෙනු ගැන පැහැදිළි නීතියක් නෑ. නියම යාන්ත්‍රණයක් නොමැති නිසා නීතිය ක්‍රියාත්මක කරන්න අපහසු වී තිබෙනවා. මේ පනත ජාතික අවශ්‍යතාවයක් බවද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya