අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ×

    අවවාදයයි

    JUser: :_load: 60: හැඳුණුම සමග පරිශීලකයා ප්‍රවේශනය කල නොහැකිය

    විද්වත් කතිකාව ජනපති ප‍්‍රධානත්වයෙන්

    ඔක්තෝබර් 03, 2018

    නාගරික සංවර්ධන අධිකාරියට 40 වසරක් පිරීම නිමිත්තෙන් සංවිධානය කරනු ලැබූ වෘත්තික සංවාද කතිකාවේ සමාරම්භක අවස්ථාව ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්  ඊයේ (02) කොළඹ දී පැවැත්විණි.

    1978 ඔක්තෝබර් 01 වනදා විශේෂ පනතකින් පිහිටවනු ලැබූ නාගරික සංවර්ධන අධිකාරිය නාගරික පරිසරයන් හි තත්ත්වය කළමනාකරණය කිරීමේ වගකීම දරන මෙරට ඉහළම සැලසුම් කි‍්‍රයාත්මක කිරීමේ ආයතනයයි.

    යහපාලන ප‍්‍රතිපත්ති මත පදනම්ව ස්ථාවර මූල්‍ය පරිපාලනයක් පවත්වා ගනිමින් ඉදිකිරීම් ක්ෂේත‍්‍රයෙන් ජාතික ආර්ථිකයට විශාලතම දායකත්වයක් සැපයීමට වර්තමානයේ නාගරික සංවර්ධන අධිකාරිය සමත් වී ඇත.

    “නාගරික සංවර්ධන අධිකාරියේ 40 වසරක අතීතය“ වර්තමානය හා ඉදිරි මඟ, යන මැයෙන් මෙම වෘත්තික සංවාද කතිකාව සංවිධානය කර තිබූ අතර ජ්‍යෙෂ්ඨ නගර නිර්මාණ ශිල්පී සම්මානිත මහාචාර්ය විලී මෙන්ඩිස්, කොළඹ විශ්විද්‍යාලයේ ආර්ථික ජනවිකාශ විද්‍යා අංශයේ සම්මානිත මහාචාර්ය ඩබ්ලිව්. ඉන්ද්‍රලාල් ද සිල්වා, කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය එල්. ගුණරුවන්, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක අනුෂ්ක විජේසිංහ සහ සිංගප්පුරුවේ යූ.ආර්. ඒ හි උපදේශකවරයෙක් ඇතුළු විද්වත් මණ්ඩලයක සහභාගිත්වයෙන් මෙය පැවැත්විණි.

    නාගරික සංවර්ධන අධිකාරියේ සමස්ත සේවක මණ්ඩලය වෙනුවෙන් නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ආචාර්ය ජගත් මුණසිංහ මහතා වෙත සමරු තිළිණයක් පිළිගැන්වීම ජනාධිපතිතුමා අතින් සිදු විය.

    මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා වෙත ද ජනාධිපතිතුමා අතින් සමරු තිළිණයක් පිළිගැන්විණි.

    ජනාධිපතිතුමා වෙනුවෙන් ද විශේෂ උපහාර තිළිණයක් පිළිගන්වනු ලැබීය.

    නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සුමේධ රත්නායක, ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති රෝෂාන් ගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක් විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya