අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ×

    අවවාදයයි

    JUser: :_load: 60: හැඳුණුම සමග පරිශීලකයා ප්‍රවේශනය කල නොහැකිය

    28 වන ජාතික සමථ දින උත්සවය ජනපති ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ..

    ඔක්තෝබර් 03, 2018

    28 වන ජාතික සමථ දින උත්සවය අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මැතිණියගේ ආරාධනයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2018 ඔක්තෝම්බර් මස 03 වන දින පෙරවරු 9.00 ට අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

    සෑම වසරකම ජුලි මස 18 වන දින ජාතික සමථ දිනය සමරන අතර මෙවර අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සමථ දිනය සැමරීම සිදුවන බැවින් එහි උත්සවය ඔක්තෝම්බර් 03 වන දිනට යොදා ගෙන ඇත.

    සමථ මණ්ඩල නව වෙබ් අඩවිය වන www.midiation.gov.lk .ජනාධිපතිතුමාගේ සුරතින් එළිදැක්වීම ද මෙහිදි සිදු කිරීමට නියමිත බව සමථ මණ්ඩල කොමිෂන් සභාව පවසයි. ඒ සදහා සමථ මූල මණ්ඩල සභාපතිවරුන් සහ සාමාජිකයින් 2000 ක් පමණ සහභාගිවීමට නියමිත අතර, එහිදි සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය වන පරිදි අඛණ්ඩව වසර 25 ක් සමථ මණ්ඩලවල සේවය කළ සමථ මණ්ඩල සාමාජිකයින් 360 දෙනෙකු ඇගයීමට ලක් කිරීමට නියමිතය.

    මෙහිදී විශේෂයෙන් 1991 වර්ෂයේ පිහිටවු ආරම්භක සමථ මූල මණ්ඩලයන්හි සේවය සදහා පත්වීම් ලද තවදුරටත් අඛණ්ඩව සේවය කරන සමථකරුවන් 07 දෙනෙකු විශේෂ ඇගයීමට ලක් කිරීමට නියමිතව තිබේ.

    සමථ මණ්ඩල ක්‍රමය ආරම්භ කළ දින සිට වසර 28 ක් තම නිසග කුසලතා කැප කරමින් ස්වේච්ඡාවෙන් හා මහත් කැපවීමෙන් ජාතික මෙහෙවරක් ඉටු කරන ලබන සමථ මූල මණ්ඩල සභාපතිවරුන් ඇතුළු සියලු සමථකාර මණ්ඩල සාමාජිකයින් හට ගෞරවය පුද කිරීම සදහා සෑම වර්ෂයකම සමථ මණ්ඩල දිනය සමරනු ලබයි.

    1977 බිහි වු ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම ජන රජ ව්‍යවස්ථාව යටතේ සමස්ත අධිකරණ පද්ධතියම පුර්ණ ප්‍රතිසංවිධානයකට පත් කළ අතර ඒ අනුව සමගි මණ්ඩල ක්‍රමය අහෝසි වී ප්‍රාදේශීය මට්ටමින් සාම කමිටු පිහිටුවන ලදි.කෙසේ වෙතත් සාම කමිටු ක්‍රමය ද එතරම් සාර්ථක ක්‍රමයක් බවට පත්ව නැත.ඒ අනුව ඒ සදහා විකල්ප ක්‍රමවේදයක අවශ්‍යතාවය පැන නැගුණු අතර එහිදී සමථකරණය පිළිබදව අවධානය යොමු ව තිබේ.එහි ප්‍රතිඵලයක් වශයෙන් 1988

    අංක 72 දරණ සමථ මණ්ඩල පනත මගින් සමථ මණ්ඩල කොමිෂන් සභාව ස්ථාපිත කර තිබේ.

    ඒ අනුව සමථකරණය තුළින් සංහිදියාව සහ සමාජ සහජීවනය දැක්ම වශයෙන් ඉදිරිපත් කරමින් ශ්‍රී ලාංකික ප්‍රජාව හා සබැදි කාර්යක්ෂම ආරවුල් විසදීමේ ක්‍රමවේදයක් දිවයින පුරා ප්‍රචලිත කිරීම මෙහෙවෙර වශයෙන් සනිටුහන් කරමින් සමථකරණ ආරම්භ වී තිබේ.

     

    අධිකරණ ක්‍රියාවලිය පහසු කිරීමේ අරමුණින් අධිකරණ වෙත ඉදිරිපත් වන සුළු ආරවුල් නිරවුල් කිරීමේ විකල්ප ක්‍රමවේදයක් ලෙස සමථ ක්‍රමය ස්ථාපිත කර ඇති අතර මෙහිදි සමථ මණ්ඩල පනතට අනුව පාර්ශ්වයන් දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් අතර වන ආරවුල් විසදා ගැනීමට තුන්වන පාර්ශ්වයක් ලෙස සමථකරු කටයුතු කරනු ලබයි. ඒ සදහා වසර තුනක කාලයකට ජනාධිපතිතුමා විසින් සාමාජිකයින් පස් දෙනෙකුගෙන් සමන්විත සමථ මණ්ඩල කොමිෂන් සභාවක් පත් කරන අතර සමථකාරවරු පත් කිරීම මාරු කිරීම සේවයෙන් පහ කිරිම සහ ඔවුන්ගේ විනය පාලනය කිරීම ද සමථකරුවන් විසින් මේ පනත යටතේ කාර්යය සහ කර්තව්‍ය ඉටු කිරිම අධීක්ෂණය හා පාලනය කිරීම ද ඒ සමථකරුවන් වෙත අවශ්‍යවිය හැකි විධාන නිකුත් කිරීම ද සමථ මණ්ඩල කොමිෂන් සභාව වෙත පැවරී තිබේ.

     

    සමථ මණ්ඩල පනතෙහි විධි විධාන ප්‍රකාරව සමථකරණ ක්‍රියාවලිය මගින් පාර්ශ්වයන් දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් අතර ඇතිවන ආරවුල් විසදා ගැනීම සදහා තුන්වන පාර්ශ්වයක් ලෙස සමථකරු කටයතු කරනු ලබයි.

    1997 අංක 15, 2011 අංක 16 හා 2016 අංක 09 දරන පනත් මගින් සංශෝධිතව 1988 අංක 72 දරන පනතින් දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් සමථ මූල මණ්ඩල ස්ථාපිත කර ඇති අතර, වර්තමානය වන විට සමථ මූල මණ්ඩල 329 ක් තුළ 9000 කට ආසන්න සමථ මණ්ඩල සාමාජිකයින් පිරිසක් කටයුතු කරයි.

    මේ සේවය වෙනුවෙන් ඔවුන්ට රජයෙන් ගෙවීමක් සිදු නොකරන අතර රුපියල් 2000 ක දිරි දිමනාවක් පමණක් මසකට ගෙවනු ලබයි. 2017 වසර තුළ ආරවුල් 253364 ක් ලැබී ඇති අතර එම වසර තුළදී ආරවුල් 97398 ක් විසදා තිබේ. ආරවුල් විසදීමේ සාමාන්‍ය ප්‍රතිශතය සියයට 51 කි .

    2017 වසර තුළදී අධිකරණය මගින් ආරවුල් 17102 ක් සමථ මණ්ඩල වෙත යොමු කර ඇති අතර ඉන් ආරවුල් 9106 ක් නිරවුල් කර තිබේ.පොලීසිය මගින් ආරවුල් 54802 ක් සමථ මණ්ඩල වෙත යොමු කර ඇති අතර ඉන් ආරවුල් 26560 ක් නිරවුල් කිරිමට කටයුතු කර තිබේ.සමථ මණ්ඩල වෙත වැඩිම ආරවුල් සංඛ්‍යාවක් යොමු වන්නේ බැංකු සහ මූල්‍ය ආයතනවලිනි .2017 වසර තුළදී එම ආයතනවලින් ආරවුල් 156208 ක් යොමුව ඇති අතර ඉන් 52130 ක් නිරවුල් කිරිමට කටයුතු කර ඇත.

    එම වසර තුළදී ආරවුල් කරුවන්ගෙන් පැමිණිලි 3952 ක් යොමුව ඇති අතර ඉන් 1450 ක් නිරවුල් කර තිබේ.වෙනත් ආරවුල් 21300 ක් යොමුව ඇති අතර ඒ අතරින් පැමිණිලි 8152 ක් නිරවුල් කිරිමට සමථ මණ්ඩල සමත්ව තිබේ. 

    වසර තුනක කාලයක් සදහා සමථ මණ්ඩලවලට සාමාජිකයින් බදවා ගන්නා අතර ඔවුන් බදවා ගන් ලබන්නේ සම්මුඛ පරීක්ෂණයක් තුලිනි.ඒ සදහා ඉදිරිපත්විමට ද සුදුසුකම් ඇත.සුදුසු පුහුනුවක් සමථ මන්ඩල කොමිෂන් සභාව මගින් ලබා දුන් පසු සමථකරුවන් ලෙස ඔවුන් කටයුතු කරනු ලබයි. යම් පුද්ගලයෙකුට ආරවුලක් තිබෙනවා නම් ඒ පිළිබදව තම ප්‍රදේශයේ සමථ මණ්ඩලය වෙත ලිඛිතව දැන්විය හැකිය. ඒ අනුව පාර්ශ්ව කැදවා ආරවුල විසදීම ආරම්භ කරන අතර සිවිල් ආරවුලක් නම් දින 60 කින් ද අපරාධ ආරවුලක් නම් දින 30 කින් ද විසදිය යුතු බව සමථ මණ්ඩල පනතේ සදහන් වේ.ආරවුල් වල ස්වභාවය අනුව අධිකරණයෙන් පොලීසියෙන් බැංකු හා මූල්‍ය ආයතනවලින් මෙන්ම ආරවුල්කරුවන්ගෙන් සමථ මණ්ඩල සදහා ආරවුල් ලැබීම සිදු වෙයි.

     2003 අංක 21 දරණ සමථ මණ්ඩල (විශේෂ වර්ග වල ආරවුල් ) පනත යටතේ ඉඩම් ආරවුල් පිළිබද සමථ මණ්ඩල 05 ක් අනුරාධපුරය, යාපනය, ත්‍රිකුණාමලය, මඩකලපුව, කිළිනොච්චිය යන දිස්ත්‍රික්කවල පිහිටුවා තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya