අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුරුණෑගල දිස්ති‍්‍රක් ගොවි ජනතාව වෙත ඉඩම් දීමනා පත‍්‍ර පිළිගැන්වීම ජනපති ප‍්‍රධානත්වයෙන්

    සැප්තැම්බර් 22, 2018

    පොදු ජන ජීවිතයේ දුක් කම්කටොලු පිළිබඳ අත්දැකීම් ඇති ජනාධිපතිවරයෙකු ලෙස තමා සෑමවිටම ජනතාවගේ බලාපොරාත්තු ඉටුකිරීම වෙනුවෙන් කැප වී සිටින බව ජනාධිපතිතුමා පවසයි.

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ කුරුණෑගල දිස්ති‍්‍රක් ගොවි ජනතාව වෙත ඉඩම් දීමනා පත‍්‍ර පිළිගැන්වීමේ උත්සවයට ඊයේ (21) පස්වරුවේ එක්වෙමිනි.

    ශ‍්‍රී ලංකාවේ සියලුම පුරවැසියන් වෙත භූමියේ හිමිකම තහවුරු කිරීම උදෙසා දිමනා පත‍්‍ර හා බලපත‍්‍ර දස ලක්ෂයක් බෙදාදීමේ ජාතික වැඩසටහන කි‍්‍රයාත්මක වේ. ඒ යටතේ කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ රජයේ ඉඩම්වල පදිංචිව සිටින සහ ඉඩම් සංවර්ධනය කරගෙන සිටින ගොවි ජනතාව වෙත දීමනා සහ බලපත‍්‍ර 2000 ක් ලබාදීම ඊයේ දින සිදු කෙරිණි.

    මෙහි දී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ ශ‍්‍රී ලංකාවේ සියලුම පුරවැසියන් වෙත භූමියේ හිමිකම තහවුරු කිරීම උදෙසා වත්මන් රජය කටයුතු කරමින් සිටින බවයි.

    කුරුණගල දිස්ති‍්‍රක්කයේ ගල්ගමුව, ආනමඩුව, ගිරිබාව, අඹන්පොළ, මහව, ගල්කිරියාගම යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ගොවි ජනතාව වෙනුවෙන් මෙම ඉඩම් බලපත‍්‍ර බෙදාදීම සිදු වූ අතර මෙකී ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණ වන පරිදි සංකේතාත්මකව 40 දෙනෙකු වෙත බලපත‍්‍ර ප‍්‍රදානය කිරීම ජනාධිපතිතුමා අතින් සිදු විය.

    පඬුවස්නුවර බටහිර ශාසනාරක්ෂණ මණ්ඩලයේ දෙවන කලාපයේ ප‍්‍රධාන සභාපති හා පඬුවස්නුවර පණ්ඩුකාභය පරිවෙනාධිපති හා හොරගොල්ල මේධංකර බෞද්ධ මධ්‍යස්ථානය හා දිගල්ලගෙදර ශෛල්‍යාරාමය යන විහාරස්ථානවල උභය විහාරාධිපති පූජ්‍ය වහන්තුරේ සිද්ධාර්ථ හිමි වෙත පූජා ඔප්පු පිළිගැන්වීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

    රාජ්‍ය ආයතන සඳහා ඉඩම් පැවරීම යටතේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට සහ වයඹ පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් බලපත‍්‍ර පිරිනැමුණේ ද ජනාධිපතිතුමා අතිනි.

    අමාත්‍යවරුන් වන ගයන්ත කරුණාතිලක, එස්. බී. නාවින්න, දුමින්ද දිසානායක, නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක, වයඹ පළාත් ආණ්ඩුකාර කේ. කේ. ලෝගේෂ්වරන්, ප‍්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක, ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්. එස්. කරුණාරත්න, දිස්ති‍්‍රක් ලේකම් ගාමිණි ඉලංගරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya