අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දේශපාලඥයන් වශයෙන් අපේ ක්‍රීඩකයන් ආරක්ෂා කරගත යුතුයි-ක්‍රීඩා අමාත්‍ය

    සැප්තැම්බර් 22, 2018
    දේශපාලඥයන් වශයෙන් අපේ ක්‍රීඩකයන් ආරක්ෂා කරගත යුතුයි. එය ජාතික වගකීමක් ලෙස සැලකිය යුතු යැයි පළාත් සභා හ පළත් පලන සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා ඊයේ (21) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.
     
     
    අමාත්‍යවරයා මේ බව පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ, ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන කංචන විජේසේකර මහතා විසින් ඉදිරිපත් කළ සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවට අඳහස් දක්වමිනි. ශ්‍රී 
     ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා සිය යෝජනාව ඉදිරිපත් කර තිබුණි.
     
     
    විවාදයේ දී තවදුරටත් අඳහස් දැක්වූ අමාත්‍යවරයා;
     
    ක්‍රීඩාව කියන්නේ දේශපාලනයක් නොවේ. ක්‍රීඩාවේදී අප දිනුම හා පරාජය යන දෙකම  බාරගත යුතුයි. ක්‍රීඩා පරිපාලනයයි,ක්‍රීඩාවයි කියන්නේ දෙකක්. අමාත්‍යවරය ලෙස ජය පැරදුම යන දෙකටම මම වගකීම බර ගන්නවා.
    ක්‍රීඩකයන්ගේ මානසිකත්වය ගැන සිතන්න. අපේ ක්‍රීඩකයන් අන්තර්ජාලය තුළ හංවඩු ගහනවා. ත්‍රඟ දෙකක් පරජය වීම පදනම් කරගෙන මෙවැනි කල්තැබීමේ යෝජනාවක් සභාවට ඉදිරිපත් කිරීම සදාචාරාත්මක නෑ.
     
     
    අපේ ක්‍රීඩාකයන්ට කරන අපහාසය මෙවැනි යෝජනා ඉදිරිපත් කිරීමයි. ක්‍රිකට් තුළින් ලෝකයේ මට්ටමක් ලබාගෙන තිබෙනවා. අපි ප්‍රගතියක් ලබා තිබෙනවා. ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් මම පෙනී සිටිනවා. ලංකාවට කීර්තියක් ගෙනැල්ලා තියෙන අය ගැන කියන කතා බලන්න. අපේ ක්‍රිකට් ක්‍රීඩකයන් ආරක්ෂා කළ යුතුයි. එය 
    ජාතික වගකීමක් ලෙස මම දකින්නේ.
     
    මෙවැනි කල්තැබීමේ යෝජනාවලින් හංවඩු ගහන්නේ අපේ ආදරණීය ක්‍රීඩකයින්. ක්‍රීඩාව පාර්ලිමේන්තුවට ගේන්න එපා. ක්‍රිකට් කණ්ඩයමට සියළු දෙනා ආදරය කළ යුතුයි.ක්‍රීඩා ඇමැතිට ගහන්න ඒකට කමක් නෑ. අපේ 
    ක්‍රීඩා නීතිය දේශපාලණීකරණයට යටත් වෙලා.   නිලවරන පැවැත්වීමේ දී ක්‍රීඩා නිතිය වෙනස් කළා. ක්‍රීඩා නීතිය ප්‍රශ්නය.අපේ ක්‍රීඩා නීතියේ වෙනස් කරන්න ජනාධිපති නීතිඥවරුන්ගෙන් සමන්විත මණ්ඩලයක් පත් කර 
     තිබෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya