අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චීන ණය සහ ආධාර යටතේ කි‍්‍රයාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල ප‍්‍රගතිය සමාලෝචනය ජනාධිපති ප‍්‍රධානත්වයෙන්

    සැප්තැම්බර් 19, 2018

    චීන ණය සහ ආධාර යටතේ ශ‍්‍රී ලංකාව තුළ කි‍්‍රයාත්මක වන සංවර්ධන ව්‍යාපෘතිවල ප‍්‍රගතිය සමාලෝචනය කිරීමේ සහ අදාළ ව්‍යාපෘති කි‍්‍රයාත්මක කිරීමේ දී මතුව ඇති ගැටලු පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්  ඊයේ (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

    අදාළ සංවර්ධන ව්‍යාපෘතිවල වත්මන් තත්ත්වය සහ ප‍්‍රගතිය මෙහිදී දීර්ඝ වශයෙන් සමාලෝචනයට ලක් කෙරුණු අතර, මතුව ඇති ගැටලු නිරාකරණය කර ගැනීමට ගතයුතු පියවර පිළිබඳව ද අවධානය යොමු කෙරිණි. ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මෙහිදී ප‍්‍රකාශ කළේ ජනතා සුබසෙත වෙනුවෙන් කි‍්‍රයාත්මක මෙම සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධනේ මතුව ඇති ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා ශ‍්‍රී ලංකා රජයෙන් ගතයුතු පියවර කඩිනමින් ගැනීමට කටයුතු කරන බවයි.

    ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, ජාතික ආර්ථික සභාවේ මහලේකම් මහාචාර්ය ලලිත් පී. සමරකෝන්, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග යන මහත්වරුන් ඇතුළු නිලධාරින් සහ චීන තානාපති චෙන්ග් ක්ෂුවාන් (Chang Xueyuan)  මහතා ඇතුළු නියෝජිතයින් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya