නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු ඇල, ගිනි පෙට්ටි පාලමේ අථත්වැඩියා කටයුතු ජනපතිගේ නිරීක්ෂණයට ...

    ජූලි 22, 2018
     
    පොළොන්නරුව පරාක්‍රම සමුද්‍ර ව්‍යාපෘතියේ ඩී 01 උතුරු ඇල, ගිනි පෙට්ටි පාලමේ අථත්වැඩියා කටයුතු ඊයේ (21) ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නිරීක්ෂණයට ලක් විය.
     
    පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ ප්‍රධාන සොරොව්වේ සිට කුඹුරු අක්කර 20,000 කට පමණ ජලය ගෙන එන ප්‍රධාන ඇල මාර්ගය වන උතුරු ඇලේ ජල පැන්නුම සහිත පාලමක් ලෙස භාවිතා කළ ගිනිපෙට්ටි පාලම කැඩීයාම නිසා ගොවි ජනතාවට මහත් දුෂ්කරතාවයකට මුහුණ දීමට සිදුවිය.
     
    ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි සතියක් තුළ මෙම පාලමේ අථත්වැඩියා කටයුතු කඩිනමින් නිම කිරීමට පියවර ගැනිණි.
     
    උතුරේ පහළට සෝමාවතිය ජාතික වනෝද්‍යානය ආසන්නය තෙක් තිඛෙන කුඹුරු අක්කර 15,000 කට අධික ප්‍රමාණයකට මෙමගින් ජලය සැපයුම සිදුවන අතර, මෙම අථත්වැඩියා කටයුතු කඩිනමින් සිදු නොවුනානම් යල කන්නයේ වී වගාව බේරා ගැනීමට නොහැකිවී යාමෙන් රුපියල් මිලියන 1060 ක පමණ අලාභයක් සිදුවීමට ඉඩ තිබූ බව ගොවි සංවිධාන නියෝජිතයින් පෙන්වා දෙති.
     
    මෙම පාලම අලූතින් ඉදිකිරීමට කඩිනමින් සැලසුම් සකස් කරන ලෙස ද  ජනාධිපතිතුමා මෙහිදී පොළොන්නරුව කලාප භාර වාරිමාර්ග අධ්‍යක්ෂ එස්.කේ. හේවාගම මහතා වෙත උපදෙස් දුන්නේය.
     
    ඡායාරූප : උදේශ් ගුණරත්න - ජනාධිපති මාධ්‍ය අංශය )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya