අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාපිටිය ඉවත් කිරීමේ සැලැස්මක් නැහැ- අමාත්‍ය සාගල රත්නායක

    ජූලි 20, 2018

    ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාපිටිය ඉවත් කිරීමේ සැලැස්මක් නැතැයි තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා අද (20) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය සම්බන්ධයෙන් මතුව පවතින තත්ත්වය සම්බන්ධයෙන් අඳහස් දක්වමින් අමාත්‍යවරයා පැවසී ය

    ජාත්‍යන්තර ක්‍රීඩාපිටිය ඉවත් කිරීමේ සැලැස්මක් නෑ. ගොඩනැගිල්ල පිළිබඳ ප්‍රශ්නය ඉවත් කරගන්නේ කෙසේද  කියලා බලන්න ඕන. කොග්ගල ජාත්‍යන්තර ක්‍රීඩාංගනය ගැන සැලැස්මක් තිබෙනවා. ගාල්ල නගරය මැද තිබෙන
    ක්‍රීඩා පිටිය ඉවත් කිරීමේ සැලැස්මක් නෑ.


    ක්‍රීඩා අමාත්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා -

    ගාලු ක්‍රීඩාංගනය දැන් දේශපාලන පිටියක් කරගෙන. අපි ලෝක උරුමය අපි ආරක්ෂා කරගත යුතුයි. අමාත්‍යාංශය කමිටුවක් පත් කළා.ක්‍රිකට් කණ්ඩායම මේ ක්‍රීඩාංගනයේ .හොඳින් ක්‍රීඩා කර තිබෙනවා. රටට සුබදායි තීරණයක් ගමු.


    අමාත්‍ය අර්ජුන රණතුංග  මහතා- මේ ගොඩනැගිලි හදන්න එපා කිව්වා. ක්‍රීඩාංගනයේ අනවශ්‍ය ගොඩනැගිලි කඩන්න කිව්වා. ගාල්ලේ ක්‍රීඩා කරන්නේ අවම වශයෙන් තරඟ දෙකයි. අලුත් තාක්ෂණය ගෙනැත් ක්‍රමයක් හදාගෙන සාකච්ඡා කර ඉදිරියට
    ගෙන යමු.

    අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා- මේ ක්‍රීඩාංගනය අවශ්‍ය ක්‍රීඩාංගනයක්. ශ්‍රී ලාංකා කණ්ඩායමට වාසානාවන්ත ක්‍රීඩාංගනයක්.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya