මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශී‍්‍ර ලංකා – ජෝර්ජියා මිත‍්‍ර සබඳතා තර කර ගැනීම පිළිබඳ දෙරටේ නායකයන්ගේ අවධානය

    ජූලි 19, 2018

    ශ‍්‍රී ලංකාව සහ ජෝර්ජියාව අතර පවතින මිත‍්‍ර සබඳතා වැඩිදියුණු කර ගැනීම පිළිබඳ දෙරටේ රාජ්‍ය නායකයන්ගේ අවධානය යොමු වෙයි.

    විවෘත රාජ්‍ය හවුල්කාරිත්ව නායක හමුව සඳහා සහභාගීවීමට ජෝර්ජියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ ජෝර්ජියා ජනාධිපති Giorgi Margvelashvili  මහතා අතර හමුව  ඊයේ (18) පැවැත්වුණු අතර එහි දී මේ පිළිබඳ නායකයෝ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළහ.

    දෙරට අතර පවතින ආර්ථික සබඳතා නව ප‍්‍රවේශයන් ඔස්සේ තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳ මෙහිදී නායකයන්ගේ අවධානය යොමු වූ අතර, ඒ සඳහා අවශ්‍ය සාකච්ඡා ඉදිරියට ගෙන යාමට නිලධාරින්ට උපදෙස් ලබාදෙන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා පැවසී ය.

    මිලියන 4.7 ක පමණ ජනතාවක් ජීවත්වන ජෝර්ජියාවේ ප‍්‍රධාන ජීවනෝපාය මාර්ගය වන්නේ කෘෂිකර්මාන්තයයි. මෑතක සිට සංචාරක ව්‍යාපාරය ද එරට ආර්ථිකයට විශාල දායකත්වය ලබාදෙමින් සිටි.

    දෙරට අතර කෘෂිකාර්මික සහ සංචාරක ක්ෂේත‍්‍රයේ සබ`දතා වැඩිදියුණු කර ගැනීම පිළිබඳව ද මෙහිදී දෙරටේම නායකයන්ගේ විශේෂ අවධානය යොමු විය.

    ශ‍්‍රී ලාංකික සිසුන් විශාල ප‍්‍රමාණයක් ජෝර්ජියාවේ අධ්‍යාපනය ලබන අතර ඔවුන්ගේ පහසුකම් වැඩිදියුණු කිරීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

    ශ‍්‍රී ලංකාව සමග පවතින සබඳතා සෑම අංශයකින්ම ඉහළ නංවා ගැනීමට ජෝර්ජියාව ඉතා කැමැත්තෙන් පසුවන බව ජෝර්ජියානු ජනාධිපතිවරයා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමුවේ වැඩිදුරටත් සඳහන් කළේ ය.

    එමෙන්ම ජෝර්ජියා ජනාධිපතිතුමා විසින් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙනුවෙන් එරට ජනාධිපති මන්දිරයේ දී පවත්වන ලද විශේෂ දිවා භෝජන සංග‍්‍රහයට ද අද ජනාධිපතිතුමා ඇතුළු ශ‍්‍රී ලංකා දූත පිරිස එක් වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya