නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හමුදා බලඇණි ප්‍රතිසංස්කරණය කිරීම ඕනෑම හමුදාවක සිදු කරන කටයුත්තක් -තනතුරු උසස් වීම්වලට ප්‍රශ්නයක් නැ

    ජූලි 18, 2018

    හමුදා බලඇණි ප්‍රතිසංස්කරණය කිරීම ඕනෑම හමුදාවක් සිදු කරන කටයුත්තක් බවත් යුද්ධ හමුදාව තුළ තනතුරු අඩුවීමක් කර නොමැති බවත් උසස් වීම්වලට ප්‍රශ්නයක් නොමැති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා  පවසයි.

    යුද හමුදා කඳුවුරු ඉවත් කිරීම සහා බලඇණි අඩු කිරීම මෙන් ම හමුදාව සංඛ්‍යාත්මකව අඩු කිරීමට කටයුතු කර ඇත්දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් අද (18) පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින්
    අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසී ය.

    රටේ හමුදාව පාලනය කරන්නේ ඒ අය ගන්න තීරණය අනුවයි. යුද්ධ හමුදාව තුළ තනතුරු අඩු කර නෑ. උසස් වීමට ප්‍රශ්නයක් නෑ. කඳවුරු ගණන අපට කියන්න අවශ්‍යයි. හමුදා බලඇණි ප්‍රතිසංවිධානය කිරීම ඕනෑම හමුදාවක කරනවා. දැන්හ මුදාවට පුළුවන් එක්සත් ජාතීන්ගේ සාම වැඩවලට යෙදෙන්න පුළුවන්. අද ඉන්දීය සාගරයේ කේන්ද්‍රස්ථානය නිසා නාවික හමුදාවට අවධානය යොමු වී තිබෙනවා. අලුත් ආරක්ෂක අමාත්‍යාංශයට මොකක්ද සිදු වුණේ? කොච්චර වියදම් වුණාද? හමුදාව ආරක්ෂා කරලා ඉදිරියට යන්න අවශ්‍යය. සාමාන්‍යයෙන් බලඇණි ප්‍රතිසංස්කරණය ඕනෑම හමුදාවක සිදු කරන දෙයක් යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසී ය.

    ආරක්ෂ රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා -

    සංඛ්‍යාත්මකව  අඩු වූ සමහර බලඇණි එකතු කරන්න කටයුතු කෙරෙනවා. සංඛ්‍යාත්මකව අඩු කිරීමක් සිදු කර නෑ. කිසිසේත් ම  කඳවුරු ඉවත් කරන්නේ නෑ. හමුදාව සංඛ්‍යාත්මකව අඩු කර නෑ. මෙය යුද හමුදාව ගත් තීරණයක්. පරිපාලනයට
    අවශ්‍ය ලෙස ගත් තීරණයක්. ජාතික ආරක්ෂව  පහළ  දැමීමටවත්, ජාත්‍යන්තර බලපෑමක්වත් නොවෙයි සිදු කර තිබෙන්නේ. මෙය හමුදාව ගත් පරිපාලන තීරණයක්.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya