මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කිසිදු හොර ගිවිසුමක් අත්සන් කර නැහැ - සිංගප්පූරු වෙළඳ ගිවිසුම ගැන වැරදි ප්‍රචාර කර ජනතාව නොමඟ යැවීමෙන් වළකින්න

    ජූලි 17, 2018

    කිසිදු හොර ගිවිසුමක් අත්සන් කර නෑ. කැබිනට් මණ්ඩලයේ සිංගප්පූරු ගිවිසුම අනුමත වුණා යැයි සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම සම්බන්ධයෙන් අද (17) පාර්ලිමේන්තුවේ දී අඳහස් දක්වමින් සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පවසයි.

    සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා අද (17)  පාර්ලිමේන්තුවට ගෙනා සභාව කල්තබන අවස්ථාවේ විවාදයේ යෝජනාවට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව
    පැවසී ය.

    කිසිදු හොර ගිවිසුමක් අත්සන කර නෑ. විවාදයට ඉදිරිපත් කළ සියලු කරුණු අසත්‍යයි. කැබිනට් මණ්ඩලයේ  සිංගප්පූරු ගිවිසුම අනුමත වුණා. අපි කැබිනට් රැස්වීමෙන් පසු නිරීක්ෂණ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා.මේ සඳහා අනුමැතිය ලබාදෙන්න තීරණය කර තිබෙනවා. ගිවිසුම පිළිබඳව වැදගත් යෝජනා ඉදිරිපත් කර තිබුණා. විපක්ෂයේ සමහර මන්ත්‍රීවරු හා සමහර සංවිධාන විශේෂඥයන් ලෙස හිතමින් කරුණු ඉදිරිපත් කරනවා.

    නිදහස ලැබී වසර 70ක් ගත වුවත් අපට ආර්ථික නිදහසක් තවම ලැබී නැහැ. එය අවංකවම ප්‍රකාශ කළ හැකි ද? අර්ථික නිදහස ලබගැනීමට නොහැකි වුණේ තම වාසිය ගැන සිතූ දේශපාලනය නිසයි. මෙතක් අනුගමනය කළ වෙළඳ ප්‍රතිපත්ති වෙනස් කළ යුතුව තිබෙනවා. සිංගප්පූරුව,තායිලන්තය, වැනි රටවල් වෙළඳාම ආයෝජන වැඩි කිරීම ඔවුන්ගේ සංවර්ධන ප්‍රමුඛතා ලෙස කටයුතු කළත්, අප එසේ කටයුතු කර තිබුණේ නෑ. 2017 වසරේ දී ඉතිහාසයේ ඉහළ ම අපනයන ආදායම වර්තා කරන්න හැකි වුණා. මේ වසරේ අපට ඩොලර් බිලියන 17.2ක අපනයන ආදායමක් ලබාගන්න හැකි බව විශ්වාසයි.

    අනෙකුත් ආසියානු රටවල් සළකා බලන විට අපේ අපනයන ආදායම අඩු බව පිළිගත යුතුයි. මේ රටවල් සියල්ල නිදහස් වෙළඳ ගිවිසුම්වලට එළඹී වෙළඳාම නිදහස් කර තිබෙනවා. කෙටි කාලයක් තුළ ඉහළ ආර්ථිකයක් අත්පත් කරගෙන ජනතවට ඉහළ ආදායම් මාර්ග අත් කරදීමට හැකි වී තිබෙනවා. ලෝකය පුරා දකිනවා, අඩු ආදායමේ සිට වැඩි ආදායම් දක්වා ගමන් කළ රටවල්. අපිට රටක් ලෙස පවතින විසඳුම වන්නේ ගෝලීය වෙළඳපොළට පිවිසීමයි. මේ තුළින්  ආයෝජන අවස්ථා ලබාගන්න පුළුවන්. සිංගප්පූරු ගිවිසුම පිළිබඳ කැබිනට් පත්‍රිකාවක් දැම්මා. අඳහස් සැළකිල්ලට  අරගෙන සංශෝධනය කර කැබිනට් මණඩලයට දැම්මා. එයට කැබිනට් අනුමැතිය ලබුණා, ගිවිසුම අත්සන්  කිරීමට. මා සූදානම් සාකච්ඡවක නිරත වෙන්න.වැරදි චෝදානවක් තිබෙනවා, මේ යටතේ වී ආනයනය කරනවා කියලා. සිංගප්පූරුවේ වවන බෝගවලට පමණයි බදු සහන ලැබෙන්නේ. සිංගප්පූරු දෙළඳ ගිවිසුම ගැන වැරදි ප්‍රචාර කර ජනතාව නොමඟ යැවීමෙන් වළකින ලෙස ඉල්ලා සිටිනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya