අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආයුර්වේද එක්ස්පෝ 2018 ජාත්‍යන්තර දේශීය වෛද්‍ය ප‍්‍රදර්ශනය නැරඹීමට ජනපති එක්වෙයි

    ජූලි 15, 2018

    කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවැත්වෙන, ආයුර්වේද එක්ස්පෝ 2018 ජාත්‍යන්තර දේශීය වෛද්‍ය ප‍්‍රදර්ශනය නැරඹීමට ජනාධිපති  මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ (14) පෙරවරුවේ එක් විය.

    ශ‍්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය හා සෞඛ්‍යය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය එක්ව හත් වන වරටත් සංවිධානය කරනු ලබන මෙම ප‍්‍රදර්ශනය පසුගිය දා (13) ආරම්භ වූ අතර, හෙට (15) දින දක්වා පැවැත්වීමට නියමිතය.

    ආයුර්වේද නිෂ්පාදන ඇසුරුම්කරණය, නිෂ්පාදනවල පරිසර හිතකාමී බව සහ එහි ගුණාත්මකභාවය ඉහළ නැංවීම ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳව අවධානය යොමු කරලීම මෙම ප‍්‍රදර්ශනයේ සහ සම්මන්ත‍්‍රණයේ අරමුණයි.

    මෙම ප‍්‍රදර්ශනයට සමගාමීව ආයුර්වේද වෛද්‍යවරුන්, විද්වතුන් හා පර්යේෂකයන් විසින් ආයුර්වේද වෛද්‍ය විද්‍යාව පිළිබඳ සම්මන්ත‍්‍රණ කිහිපයක් පැවැත්වීමට ද නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya