අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දකුණු ආසියානු කතානායක සමුළුව උත්සවාකාරයෙන් ඇරඹේ

    ජූලි 11, 2018

    දකුණු ආසියානු රටවල කථානායකවරුන්ගේ තුන්වන සමළුවේ සමාරම්භක සැසිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද(11) පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී උත්සවාකාරයෙන් නිල වශයෙන් විවෘත කරනු ලැබීය.

    මෙම සමුළුව සඳහා පැමිණි සිටි ඇෆ්ගනිස්ථානයේ ජාතික සභාවේ කථානායක ඒ.බී .රවුෆ් ඊබ්‍රහීමි ,භූතාන් ජාතික මණ්ඩලයේ කතානායක තාර්ෂි ඩෝර්ජි, ඉන්දීය ලොග් සභාවේ සභාපති සුමිත්‍රා මහජන් , මාලදිවයිනේ ජනතා මජ්ලිස්හි කතානායක අබ්දුල්ලා මාෂි මොහොමඩ් , පාකිස්ථානයේ සෙනට් සභාවේ සාමාජික විශ්‍රාමික ලුතිනන් ජෙනරාල් අබ්දුල් ක්වේයුම්, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක කරූ ජයසූරිය සහ අන්තර් පාර්ලිමේන්තු සංගමයේ සභාපතිනී ගේබ්‍රියෙලා කුවේවාස් බැරන් යන මහත්ම මහත්මීහු උඩරට නැටුම් සහිත පෙරහරකින් සමුළු ශාලාවට කැඳවාගෙන එන ලදී.

    තිරසර සංවර්ධන ඉලක්කයක් යන තේමාව යටතේ පැවැත්වෙන මෙම කතානායකවරුන්ගේ සමුළුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ කතානායකවරු විපක්ෂ නායක ආර්.සම්බන්ධන් යන මහත්වරු විසින් පොල්තෙල් පහන දැල්වීමේන් ආරම්භ විය.

    කතානායක කරූ ජයසූරිය , අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් සහ අන්තර් පාර්ලිමේන්තු සංගමයේ සභාපති ගේබ්‍රියෙලා කුවෙවාස් බැරන් මහත්මියද මෙහිදී කතා කළ අතර පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා ස්තූති කතාව කළේය.

    සමුළුවේ සමාරම්භක සැසිය අවසන් වීමෙන් පසු කතානායකවරුන් ඇතුළු නියෝජිත පිරිස සමූහ ඡායාරූපයකටද පෙනී සිටියහ. ඉන්පසු ඔවුහු පාර්ලිමේන්තුවේ සභා ශාලාව ඇතුළු ස්ථාන නැරඹීමටද ගියහ.

    සමුළුවේ දෙවැනි සැසිවාරය කොළඹ හිල්ටන් හෝටලයේදී අද(11) පස්වරුවේ ආරම්භ විය.

     

    parliament3

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya