නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශෝක පණිවුඩය- ඉතා කෙටි කලකින් ජයග්‍රහණ රැසක් අත්පත් කරගත්,සුවිශේෂ තරුණ මාධ්‍යවේදියෙකු ලෙස චාමර ලක්‍ෂාන් හැදින්වීම යුක්ති සහගතය

    ජූලි 02, 2018

    ලාංකේය මාධ්‍ය ක්ෂේත්‍රය තුළ නව දැක්මකින් සහ මහත් ජවයකින් කටයුතු කිරීම නිසා ඉතා කෙටි කලකින් ජයග්‍රහණ රැසක් අත්පත් කර ගත්, සුවිශේෂ තරුණ මාධ්‍යවේදියෙකු ලෙස චාමර ලක්‍ෂාන් මහතා හැදින්වීම යුක්ති සහගතය.

    ලක්බිම, රිවිර වැනි පුවත්පත්වල කලක් සේවය කළ මෙම තරුණ මාධ්‍යවේදියා පැවැති දුර්ධාන්ත පාලන සමය නිමාකොට නව රජය බලයට පත් කිරීම සඳහා මහත් කැපවීමකින් කටයුතු කළේය. නව රජය යටතේ දිනමිණ පුවත්පතේ ජ්‍යෙෂ්ඨ සම කර්තෘවරයෙකු වූ චාමර මහතා ලේක්හවුස් ගමන් මගට නව ජවයක් එක් කිරීමට මහත් පරිශ්‍රමයක් දැරූ බව අපි දනිමු.

    ඔහුගේ කර්තෘත්වයෙන් ආරම්භ කළ රැස පුවත්පත ඉතා කෙටි කළකින් පාඨක ප්‍රසාදය දිනාගත් අතර, චාමර ලක්‍ෂාන් මාධ්‍යවේදී භූමිකාවත්, පරිපාලන භූමිකාවත් මනා සංහිදියාවකින් පවත්වා ගන්නා දක්‍ෂ මාධ්‍යවේදියෙකු බවට ''රැස&'' සාක්‍ෂි දැරීය.

    ලාංකේය මාධ්‍ය ඉතිහාසයේ දැවැන්තයින් මුල් පුටුව දැරූ සිළුමිණ පුවත්පතේ ප්‍රධාන කර්තෘ ධූරයට පත් ලාබාලතම කතුවරයා වූ චාමර එහි අතීත ගුණසුවඳ රැකගනිමින්ම නූතන ලොව හා යා කිරීමට බරපතල වෙහෙසක් දැරුවේය.

    නමුත් මාධ්‍ය ලෝකයට සිළුමිණක් විය හැකිව තිබූ මෙම තරුණ මාධ්‍යවේදියා හදිසියේම අප අතරින් සමුගැනීම ලේක්හවුස් ආයතනයට, අප රජයට මෙන්ම සමස්ත දේශයට සිදුවූ බරපතල පාඩුවකි.

    සිළුමිණ ප්‍රධාන කර්තෘ චාමර ලක්‍ෂාන් මහතාගේ අභාවයෙන් ශෝකයට පත් පවුලේ සැමට, ඥාති හිතමිත්‍රාදීන්ට මාගේ බලවත් සංවේගය පළ කරමින් ඒ මහතාට අමා මහා නිවන් සුව අත්වේවායි ප්‍රාර්ථනා කරමි.

    රනිල් වික්‍රමසිංහ
    අග්‍රාමාත්‍ය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya