ආලෝක පූජාව විවෘත කිරීමෙන් අනතුරුව මිහින්තලා රජමහා විහාරයේ දී දන්සැලක් විවෘත කිරීම හා සැදැහැවතුන් සදහා දානය පිළිගැන්වීම ද අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
එම අවස්ථාවට සමාජ සවිබලගැන්වීමේ අමාත්‍ය පී. හැරිසන්, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර යන මහත්ම මහත්මීන් ඇතුළු ප්‍රාදේශීය සභා නියෝජිතයින් සහ ප්‍රදේශවාසීන් රැසක් ද සහභාගි වී සිටියහ.