නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුලතිසි පොසොන් උදානය මෙවරත්

    ජූනි 27, 2018

    පුලතිසි පොසොන් උදානය මෙවරත් අද සිට  27, 28  29 සහ 30 යන දිනවල පොළොන්නරුව ඓතිහාසික ගල් විහාරය කේන්ද්‍ර කර ගනිමින් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ.


    ඒ වෙනුවෙන් මහනුවර නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ සිට සර්වඥ ධාතුන් වහන්සේ ප‍්‍රමුඛ මහ රහත් ධාතුන් වහන්සේ වැඩම කරවීම ඊයේ (26) පෙරවරුවේ ආරම්භ කෙරිණි.
    නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති, යටිහලගල රජමහා විහාරාධිකාරී පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන නායක හිමිපාණන් වහන්සේගේ ආශිර්වාදයෙන් මෙම ධාතුන් වහන්සේ වැඩම කරවීම සිදුකෙරුණු අතර, පොළොන්නරුව නගරාධිපති චානක සිදත් රණසිංහ, චතුරිකා සිරිසේන යන මහත්ම මහත්මින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
    ධාතුන්වහන්සේ රැගත් රිය පෙරහැර අද පස්වරුවේ දඹුල්ල, අතුපාරයාය, ශ‍්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයට ළගාවූ අතර, ධාතුන් වහන්සේ පුලතිසි පොසොන් උදානය සඳහා වැඩම කරවීම හෙට පෙරවරුවේ සිදුකිරීමට නියමිතය.
    පුලතිසිපුර ඒකාලෝක කරමින් පැවැත්වෙන පුලතිසි පොසොන් උදානය  (27) පස්වරුවේ ජනාධිපතිතුමා අතින් විවෘත කෙරෙන අතර, එහි තැන්පත් කෙරෙන සර්වඥ ධාතුන් වහන්සේ ජනතාවගේ වන්දනාමාන කටයුතු සඳහා නිරාවරණය කිරීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරෙයි.
    පුලතිසි පොසොන් උදානය පොසොන් තොරණ, පහන් කූඩු සහ දන්සැල් වලින් සමන්විතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya