අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශෝක යෝජනා විවාදයට අගමැති එක්වෙයි

    ජූනි 22, 2018

    හිටපු අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වූ අභාවප්‍රාප්ත අබ්දුල් කාදර්, රේණුකා හේරත්, මල්ලිකා රත්වත්තෙ යන මහත්ම මහත්මීන් පිළිබඳ වූ ශෝක යෝජනා විවාදයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අඳහස් දැක්වීය.

    විවාදයේ දී අඳහස් දැක්වූ අග්‍රාමත්‍යවරයා:


    හිටපු ඇමැතිනී පාර්ලිමේන්තු මන්ත්‍රිනී රේණුකා හේරත් මහත්මිය

    විශාල කටහඩක් අපට නැති වුණා

    රේණුකා හේරත් මන්ත්‍රීතුමිය දැනගත්තේ එක්සත් ජාතික පක්ෂයේ වැඩ කරනකලයේ. එදා වලපනේ ආසනයට කීපදෙනෙක් ඉල්ලුම්පත් ඉදිරිපත් කළා. ජෙ.ආර්.ජයවර්ධන මැතිතුමාට වුවමනා වුණේ කාන්තා නියෝජනය වැඩි  කිරීමයි.කාලයක් තුළම වලපනේ ආසනය දිනා ගත්තා. 1977 දී පාර්ලිමේන්තුවට එතුමිය පැමිණියා. ක්‍රියාකාරී ලෙස කටයුතු කළා. නිර්භීතකම එතුමියට තිබුණා. ප්‍රේමදාස ජනාධිපතිතුමා යටතේ කැබිනට් අමත්‍යධූරයක් හිමි
    වුණා. සභානායක ලෙස එතුමියගේ සහයෝගය ලබාගන්න හැකි වුණා. ප්‍රේමදාස ජනාධිපතිතුමා සමඟ ළඟින් වැඩ  කළා. එතුමිය මට පක්ෂ නායකයා ලෙස මට සහයෝගය ලබාදුන්නා. එතුමිය කිසි විටෙක අඩපන වුණේ නෑ.  ප්‍රශ්නය අතහැර දිව්වේ නෑ. එතුමිය වලපනේ ආසනයේ කටයුතු කළා.පළාත් සභාවට පත්වෙලා, කණ්ඩායමේ  නායකත්වය ලබාදුන්නා. තමන්ගේ සෞඛ්‍ය ගැන හිතුවේ නෑ. විවේකයක් නොමැතිව වැඩ කළා. විශාල කටහඩක්  අපට නැති වුණා.


    හිටපු අමාත්‍යවරයකු වූ අභාවප්‍රාප්ත අබ්දුල් කාදර් මහතා-

    කාදර් මන්ත්‍රීතුමා ඉදිරියට ඇවිත් කටයුතු කළා

    කාදර් මන්ත්‍රීතුමා දැනගත්තේ මහනුවර පක්ෂයේ වැඩ කරද්දි. එතුමා 89 පාර්ලිමේන්තුවට ආවා. එතුමා ඉදිරියට ඇවිත් කටයුතු කළා. නාවලපිටිය අමාරු කාලයේ වැඩ කළා. 2001 ආණ්ඩුවේ සමූපකාර ඇමති ලෙස කටයුතු
    කළා. එතුමා මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට පසුව එකතු වුණා. එතුමාගේ සහයෝගය ලැබුණා.

     


    පාර්ලිමේන්තු මන්ත්‍රිනී මල්ලිකා රත්වත්තෙ මහත්මිය

    මල්ලිකා රත්වත්තෙ මැතිණිය කළ සේවයට ස්තූතිවන්ත වෙනවා

    මල්ලිකා රත්වත්තෙ මැතිණිය පාර්ලිමේන්තුවේ කටයුතු ක්ළේ මම එන්න කළින්. එතුමිය ක්‍රියාකාරි පසුපෙළ මන්ත්‍රීවරියක් ලෙස කටයුතු කළා. එතුමිය හිටපු දසකය තුළ තමන්ගේ ප්‍රදේශයට වැඩ කළා. බලංගොඩ ජනතාවට  වැඩ කළා. ජනතාවගේ වුවමනාව දැනගෙන කටයුතු කළා.එතුමිය කළ සේවයට ස්තූතිවන්ත වෙනවා.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya