මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශෝක යෝජනා විවාදයට

    ජූනි 22, 2018

    හිටපු අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වූ අභාවප්‍රාප්ත  අබ්දුල් කාදර්, රේණුකා හේරත්, මල්ලිකා රත්වත්තෙ යන මහත්ම මහත්මීන් පිළිබඳ වූ ශෝක යෝජනා අද (22) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි.

    සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් ශෝක යෝජනා අද (22) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

    හිටපු අමාත්‍යවරයකු වූ අභාවප්‍රාප්ත අබ්දුල් කාදර් මහතා-

    මහනුවර ජනතාව වෙනුවෙන් සුවිශේෂී මෙහෙයක් ඉටු කළා.ජනතා සේවයට කැප වී කටයුතු කළ කීර්තිමත් නායකයෙකි. පරිසර නියෝජ්‍ය,විදුලි බල නියෝජ්‍ය යන අමාත්‍යධූර දරමින් ජනතාවට විශාල සේවයක් සිදු කළා. මහනුවර දිස්ත්‍රික්කයේ පොදු මහජනතව නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරයකු ලෙස  පත් වුණා. රජයේ විදුලිබල ව්‍යාපෘති ඇමැතිවරයා ලෙස,නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනතා සේවයට කැප වී කටයුතු කළ කීර්තිමත් නායකයෙක්.

     

    හිටපු ඇමතිනී පාර්ලිමේන්තු මන්ත්‍රිනී රේණුකා හේරත් මහත්මිය-

    පාර්ලිමේන්තු මන්ත්‍රිනී රේණුකා හේරත් මහත්මිය ජනතාව වෙනුවෙන් සුවිශේශී මෙහෙවරක් ඉටු කළේ ය. වෘත්තීය ඉංග්‍රීසි ගුරුවරියක ලෙස සේවය කළේ ය. නුවර එළිය දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරි සංවිධායිකාවක ලෙස කටයුතු කළේ ය. මධ්‍ය කඳුකරයේ ජනතාව වෙනුවෙන් සංවර්ධන ව්‍යාපෘති ඇති කිරීමට විශාල වැඩකොටසක් සිදු කළා. 1988 වසරේ සංස්කෘතික නියෝජ්‍ය අමාත්‍යවරිය ලෙස පත් වුණා. සෞඛ්‍ය
    අමාත්‍යධූරය දරමින් සෞඛ්‍ය සේවයට විශාල සේවයක් සිදු කළා. මිය යන තෙක් මධ්‍යම පළාත් විපක්ෂ නායකවරිය ලෙස එතුමිය කටයුතු කළා.

     


    පාර්ලිමේන්තු මන්ත්‍රිනී මල්ලිකා රත්වත්තෙ මහත්මිය-

    රත්නපුර දිස්ත්‍රිකයේ බලංගොඩ ආසනයේ මහජනතාව වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටු කළා.1996 අතුරු මතිවරණයෙන් ජයගෙන පර්ලිමේන්තුවට පිවිසීමට එතුමිය වසනාවන්ත විය. ජනතාව වෙනුවෙන් විශාල සේවයක්
    සිදු කළේ ය. බලංගොඩ රෝහල සංවර්ධනය, පිඟන් ගඩොල් කර්මාන්තශාලා ඉදිකිරීම, ඩිපෝ සංවර්ධනය මෙතුමිය විසින් ඉටු කළාය. චිත්‍රශිල්පිණියක ද ලෙස මහජන සේවයට  එතුමිය කැප වී කටයුතු කළා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya