රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ වාර්තාව පිළිබඳව සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවේ විවාදයට අඳහස් දක්වමින් රජ්‍ය අමාත්‍යවරයා අද (19) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසී ය.
රාජ්‍ය ආදායමෙන් සියයට 85% ක් එන්නේ රෙගුව,ආදායම් බදු හා සුරාබදු දෙපාර්තමේන්තුව හරහා. මේ ආයතන තුළ තොරතුරු තාක්ෂණය මඟින් ඵලදායි කරන්නේ, දූෂණය නැති කරන්නේ කොහොමද කියලා අවධානය යොමු
කර තිබෙනවා. සියලු ආයතනය තොරතුරු සන්නිවේදන තාක්ෂණයෙන් සම්බන්ධ කර එකමුතු කරන්න ක්‍රමවේදයකට යා යුතුයි.තොරතුරු තාක්ෂණය මඟින් ආදායම වැඩි කරගන්න, දූෂණය අවම කරන්න, රජයේ වැඩකරන නිලධාරීන්ගේ ගෞරවය ආරක්ෂා කරන්න පුළුවන් වෙනවා. මුදල් අමාත්‍යාංශයට ණය සඟවන්න වුවමනාවක් නෑ. හොර බොරු කරලා, වංචා කරලා, වංචා කරන අය ගැන රට දැනගත යුතුයි.
ගිණුම් කාරක සභාවේ සභාපතිවරයාට ස්තුතිවන්ත වෙනවා. මෙවැනි රාජ්‍ය ආයතන ප්‍රමාණයක් විමර්ශනය කිරිමට හැකියාව තිබුණෙ අමාත්‍ය අලගියවන්න මහතාගේ කැපවිම නිසයි. මේ සියළු ආයතන විමර්ශනය කිරීමට රාජ්‍ය ගිණුම්කාරක සභාව කටයුතු කර තිබෙනවා. ආයතනවලට තාක්ෂණය එක කරමින් දියුණු කිරීමට කටයුතු කර තිබෙනවා. එවිට රාජ්‍ය ආයතනවල සියළුම දත්ත එක තැනක සිට විමර්ශනය හා විගණනය කළ හැකියි. හොරකමට වංචාවට සිටින සුළු පිරිස හසු කරගැනීමට හැකිවෙනවා. අනෙක් සේවකයන්ගේ ගෞරවය අපට රැකගත හැකිවෙනවා.