රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ වාර්තාව පිළිබඳව සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවේ විවාදයට අඳහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා අද (19) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසී ය.
ගිණුම් කාරක සභාවේ ක්‍රියාකාරිත්වය පිළිබඳව ආඳහස් යෝජනා ඵලදායි ලෙස ඉදිරිපත් කිරීම ගැන ස්තූතිවන්ත වෙනවා. රාජ්‍ය ආයතන 837ක ගිණුම් කටයුතු කිරීම ලෙහෙසි පහසු දෙයක් නොවෙයි. සමස්ත කාර්යමණ්ඩලයට ස්තූතිවන්ත වෙනවා, අවශ්‍ය දයකත්වය ලබාදීම සම්බන්ධව. කණ්ඩායමක් ලෙස කටයුතු කළ නිසා මෙම කටයුත්ත සාර්ථකව ඉටු කළා.
අපේ රටේ දෙකෝටියක් ජනතාවක් නියෝජනයට පාර්ලිමේන්තුවට 225ක් තෝරා පත් කර එවනවා. අපිට පැවරි තිබෙන ප්‍රධාන වගකීම් තිබෙනවා. නීති ප්‍රතිපත්ති සකස් කිරීම, අයවැය මඟින් රටේ ජනතාවගේ මුදල් අනුමත
කිරීම, අනුමත කළ මුදල්,ඵලදායි ලෙස වගකීමකින් වියදම් කරනවාද කියල සොයා බැලීම වගකීමක්. මේ ප්‍රධාන
අරමුණු තුන වෙනුවෙන් ජනතාව අපිව පාර්ලිමේන්තුවට එවන්නේ.
පාර්ලිමේන්තුවේ දී අයවැයෙන් වෙන් කළ මුදල් රාජ්‍ය ආයතන 837ක් වියදම් කිරීම සහ කාර්යසාධනය තමයි ගිණුම් කාරක සභාවෙන් සොයා බලිය යුතු වන්නේ. මෙය සෑම වර්ෂයකම සොයා බැලිය යුතුයි. වර්තමාන ගිණුම් කාරක සභාව සෑම වර්ෂයකම ආයතන ගැන සොයා බලිය යුතුයි. පාර්ලිමේන්තුවට වාර්තා ඉදිරිපත් කළ යුතුයි. ඉතිහාසයේ මේ කාර්යභාරය ඉටු කර තිබෙනවා කියලා බැලුවා. කනගාටුවෙන් වුවත් කිව යුතුයි, ඒ කාරණය නිසි පරිදි ඉටු කර නෑ. වර්තමාන ගිණුම් කාරක සභාව මේ අඩු පාඩුව අවබෝධ කර ගත්තා.
2016 සිට 2018 ට වාර්තා 16 ඉදිරිපත් කළා .ආයතන 125ක් කැඳෙව්වා. තොරතුරු තාක්ෂණ පද්ධතිය හරහා 2017 දී ආයතන 837 ජල ගත තොරතුරු ඔස්සේ පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කළා. 2016 වර්ෂයට අදාළ ආයතන 837ක එකින් එකට තවත් වාර්තාවක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ආයතන සියල්ල පාර්ලිමේන්තුවට කැඳවන්න බැරි නිසා, ජාලගත තොරතුරු තාක්ෂණ පද්ධතියක් හඳුන්වා දුන්නා. වර්තමාන
කාරකසභාවට ආයතන වෙන් වෙන් වශයෙන් කැඳවනවා වගේම පාර්ලිමේන්තුවත් රාජ්‍ය ආයතන 837 නවීන තාක්ෂණය ඔස්සේ සම්බන්ධ කර ගෙන තිබෙනවා.එය සුබවාදී ප්‍රවණතාවයක් බව කිව යුතුයි.
තොරතුරු පද්ධති වැඩසටහන හදුන්වා දුන්නා. හොඳ කාර්යසාධනයක් ලබාදුන් ආයතන ඇගයිමේ වැඩසටහනක් පැවැත්වූවා. 2016 වසර වන විට ආයතන විශාල ප්‍රගතියක් අත් කරගෙන තිබෙනවා. ඒ ආයතනවල විගණන කමිටු කැඳවනවා. පිළිතුරු ලබාදීම සුබවදී තත්ත්වයට පත් වෙලා. 2016 අදාළව සියලු ආයතන ඇගයීමට ලක් කිරීමට මේ වසරෙත් කටයුතු කරනවා. මෙය සමස්ත පාර්ලිමේන්තුව ලද ජයග්‍රහනයක් බවද නියෝජ්‍ය අමාත්‍යවරය පැවසී ය.