මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාමසාන් දින සුභ පැතුම් පණිවුඩය- මනුෂ්‍යත්වය, පරිත්‍යාගශීලීත්වය ගොඩනැංවීමට රාමසාන් උපවාස සමයෙන් ලැබෙන පන්නරය අතිමහත්ය

    ජූනි 15, 2018

    නව සඳ බැලීමෙන් පසුව සමරනු ලබන රාමසාන් දිනය හෙවත් ඊදුල් ෆීතර් උත්සවය වෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කල රාමසාන් දින සුභ පැතුම් පණිවුඩය

     

    මුස්ලිම් බැතිමතුන් මාසයක් පුරා උපවාස ශීලය ආරක්ෂා කර, නව සඳ බැලීමෙන් පසුව සමරනු ලබන රාමසාන් දිනය හෙවත් ඊදුල් ෆීතර් උත්සවය සමානාත්මතාවයේ මාහැඟි පණිවුඩය ලොවට ගෙන එන ඉතා වැදගත් ආගමික උත්සවයකි. අස්සවුම් හෙවත් රාමසාන් උපවාසය ඉස්ලාම් ධර්මය ගොඩනැගී ඇති වැදගත් කුළුණු පහෙන් එක් කුළුණකි.

    පාරිශුද්ධ වූ අල්- කුරානය ලොවට පහළ වීම සමරනු ලබන්නේද මේ මාසයේදීය. උපවාස ශීලය රැකීම පිළිබඳව අල්කුර්ආනයේ සඳහන මෙලෙසිනි. “ඔබට පෙර සිටි අය කෙරෙහි නියම කර තිබූ ප්‍රකාරව ඔබ කෙරෙහි ද උපවාසය නියම කර ඇත. (එබැවින්) ඔබ පාරිශුද්ධ විය හැකිය.” මේ අනුව උපවාසයේ ප්‍රධානතම අරමුණ ශාරීරික, මානසික, අධ්‍යාත්මික පාරිශුද්ධභාවයයි.

    මෙම කාලය තුළ උස් පහත් භේදයකින් තොරව මහත් කැපවීමෙන් උපවාස පිළිවෙත ඉටුකරන සහෝදර මුස්ලිම් ජනතාව නිරාහාරව සිටීමෙන් නොනැවතී අනෙකාගේ අවශ්‍යතාවන්ට සංවේදීවෙමින්, නැති බැරි අය සමඟ බෙදා හදා ගනිමින් සහජීවනයෙන් දිවි ගෙවීමට මූලික අවධානය යොමු කරති.


    තමන් තුළ බලපවත්නා තණ්හාව, ආශාව ආදී දුර්ගුණ දමනය කරමින් මනුෂ්‍යත්වය, පරිත්‍යාගශීලීත්වය ගොඩනැංවීමට රාමසාන් උපවාස සමයෙන් ලැබෙන පන්නරය අතිමහත්ය. මෙය මුස්ලිම් ජනතාවට පමණක් නොව සමස්ත මානව වර්ගයාට අලූත් ජීවන දැක්මක් ලබා දෙන වටිනා ආගමික පිළිවෙතකි. එම අධ්‍යාත්මික, සමාජයීය වටිනාකම් පද්ධතිය ලෝකයට ආලෝකයක් වේවා යන අපේක්ෂාව පෙරදැරිව, සහෝදර මුස්ලිම් ජනතාවට ප්‍රීතිමත් ඊදුල් ෆීතර් උත්සවයකට හෘදයාංගම සුභාශිංසන පිරිනමමි.

    රනිල් වික්‍රමසිංහ
    අග්‍රාමාත්‍ය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya