මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති මොහොට්ටුවාරම ග්‍රාමශක්ති නිෂ්පාදන ගම්මානයේ නිරීක්ෂණ චාරිකාවක

    ජූනි 14, 2018
     
     ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා  ඊයේ (13) දහවලෙහි පුත්තලම දිස්තික්කයේ  මොහොට්ටුවාරම ග්‍රාමශක්ති නිෂ්පාදන ගම්මානයේ  නිරීක්ෂණ චාරිකාවකට එක්විය.
     මොහොට්ටුවාරම සිංහල මහා විද්‍යාලයේ දී  ගොවි ජනතාව හමුවූ ජනාධිපතිතුමා ඔවුන්ගේ ගැටලූ පිළිබදව ද  අවධානය යොමු කළේය.
     
    ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය මගින් මොහොට්ටුවාරම ග්‍රාමශක්ති ජනතා සමිති සදහා නිකුත් කරන ප්‍රතිපාදනවල පළමු වාරිකය නිදහස් කිරීම ද ජනාධිපතිතුමා අතින් සංකේතාත්මකව සිදු විය.
     
    පාසල් දරුවන් වෙනුවෙන් පාසල් උපකරණ සහ පොත් පරිත්‍යාගයක් ද සිදු කෙරිණි. 
     
    රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර, නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක, වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක, පළාත් අමාත්‍ය සුමල් තිසේරා යන මහත්වරුන් ඇතුථ මහජන නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    ( ඡායාරූප : සුදත් සිල්වා )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya