මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දේශීය පළතුරු ගොවියා රැක ගැනීම වෙනුවෙන් ආනයනික පළතුරු සඳහා බදු ඉහළට. – ජනපති

    ජූනි 14, 2018

    දේශීය පළතුරු ගොවියා රැක ගැනීම වෙනුවෙන් ආනයනික පළතුරු සඳහා අය කෙරෙන බදු ඉහළ දැමීමට ඉදිරියේදී පියවර ගන්න බව ජනාධිපතිතුමා පවසයි.


    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ තලවිල ග‍්‍රාමශක්ති නිෂ්පාදන ගම්මානයේ ඊයේ (13) පෙරවරුවේ නිරික්ෂණ චාරිකාවක නිරත වෙමිනි.


    තලවිල ජනතාව හමුවීමට ජනාධිපතිවරයෙකු පැමිණි පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක් වන අතර එම ජනතාව විසින් ජනාධිපතිතුමා මහත් හරසරින් යුතුව පිළිගනු ලැබීය. ජනතාව අතරට ගිය ජනාධිපතිතුමා ඔවුන් සමග සුහද කථා බහක නිරත වූ අතර දීර්ඝ කාලයක් පුරා තමන් මුහුණදෙන ගැටලූ කිහිපයක් පිළිබඳව එහිදී ජනතාව ජනාධිපතිතුමා දැනුවත් කළහ. ජල හිඟය, විදුලිය පිළිබඳ ගැටලු, ප‍්‍රවේශ මාර්ග පහසුකම්, කෘෂි ආම්පන්න හිඟය සහ තම නිෂ්පාදන අළෙවි කර ගැනීමේදී මතුව තිබෙන ගැටලු ඒ අතර ප‍්‍රමුඛ විය.

    මෙහිදී ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ ප‍්‍රදේශයේ විදුලිබල ගැටලූවලට ස්ථීර විසඳුමක් ලබාදීමේ වැඩපිළිවෙළ කඩිනමින් කි‍්‍රයාවට නංවන බවයි.
    අදාළ සියලු ගැටලුවලට ලබාදිය හැකි විසඳුම් පිළිබඳ සොයා බලමින් ඒවා කි‍්‍රයාත්මක කිරීමට විදුලිබල අමාත්‍යාංශයේ, කෘෂිකර්ම අමාත්‍යාංශයේ සහ ජනාධිපති කාර්යාලයේ නියෝජිතයින්ගෙන් සමන්විත කණ්ඩායමක් සතියත් තුළ ප‍්‍රදේශය වෙත එවීමට කටයුතු කරන බව ද ජනාධිපතිතුමා මෙහිදී පැවසීය.


    එමෙන්ම තම පළතුරු නිෂ්පාදන සඳහා නිසි මිලක් නොලැබිමේ ගැටලුව පිළිබඳව ද ප‍්‍රදේශයේ පළතුරු ගොවින් ජනාධිපතිතුමා දැනුවත් කළ අතර පළතුරු ආනයනය හේතුවෙන් තම කර්මාන්තයට එල්ලවී ඇති අභියෝගයට විසඳුමක් ලබාදෙන ලෙස ද ඉල්ලා සිටියහ.
    එහිදී ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ පළතුරු හා කෘෂිකර්ම නිෂ්පාදන ආනයනය පිළිබඳ නිසි පියවරයන් ඉදිරියේදී ගැනීමට අපේක්ෂා කරන බවයි. ඒ අනුව දේශීය පළතුරු ගොවියා රැක ගැනීම වෙනුවෙන් ආනයනික පළතුරු සඳහා බදු ඉහළ දැමීමට ඉදිරියේදී පියවර ගන්නා බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.
    ප‍්‍රදේශයේ ලූනු ගොවීන් ජනාධිපතිතුමා හමුවේ ප‍්‍රකාශ කළේ ඉදිරියේදී තම අස්වනු නෙළීම සිදුවන බැවින් ලූනු ආනයනය නිසා මතුව ඇති ගැටලුවලට ද විසඳුමක් ලබාදෙන ලෙසයි. ඒ පිළිබඳව ද මෙහිදී ජනාධිපතිතුමාගේ අවධානය යොමු විය.
    ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය යටතේ තලවිල ප‍්‍රදේශයේ ග‍්‍රාමශක්ති ජනතා සමිති සඳහා නිකුත් කරන ප‍්‍රතිපාදනවල පළමු වාරිකය නිදහස් කිරීම සංකේවත් කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.
    ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන යටතේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ඉදිකරන ලද තලවිල සූර්ය බල ව්‍යාපෘතිය ද මෙහිදී ජනාධිපතිතුමාගේ නිරික්ෂණයට ලක් විය.

     

    අනතුරුව ජනාධිපතිතුමා පැමිණියේ මොහොට්ටුවාරම නිෂ්පාදන ගම්මානය වෙතයි. මොහොට්ටුවාරම සිංහල මහා විද්‍යාලයේ දී එම ගොවි ජනතාව හමුවූ ජනාධිපතිතුමා ඔවුන්ගේ ගැටලූ පිළිබ`දව ද අවධානය යොමු කරනු ලැබීය.
    එම ගැටලූ සදහා ද කඩිනම් විසදුම් ලබාදීමට කටයුතු කරන බව ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය .එම ගොවි ජනතාව විසින් ද ජනාධිපතිතුමා මහත් ගෞරවයෙන් යුතුව පිළිගනු ලැබීය.


    ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය මගින් මොහොට්ටුවාරම ග‍්‍රාමශක්ති ජනතා සමිති සදහා නිකුත් කරන ප‍්‍රතිපාදනවල පළමු වාරිකය නිදහස් කිරීම ද ජනාධිපතිතුමා අතින් සංකේතවත් කෙරිණි.
    කල්පිටිය සහ මොහොට්ටුවාරම අතර ගමන් කරන මොහොට්ටුවාරම සිංහල විද්‍යාලයේ දරුවන්ගේ ප‍්‍රවාහන අවශ්‍යතාවය වෙනුවෙන් බෝට්ටුවක් ලබාදෙන ලෙස කළ ඉල්ලීම කෙරෙහි ද අවධානය යොමු කළ ජනාධිපතිතුමා ඒ සදහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් වෙත උපදෙස් දුන්නේය. පාසල් දරුවන් වෙනුවෙන් පාසල් උපකරණ සහ පොත් පරිත්‍යාගයක් ද සිදු කෙරිණි.


    රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර, නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක, වයඹ පළාත් ප‍්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක, පළාත් අමාත්‍ය සුමල් තිසේරා යන මහත්වරුන් ඇතුළු  මහජන නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


    මේ අතර හදුනානොගත් නිදන්ගත වකුගඩු රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේ වැඩසටහන යටතේ පුලිච්චාකුලම ප‍්‍රදේශයේ ඉදිකරන ලද ප‍්‍රති ආශ‍්‍රැත ජල පිරිපහදු යන්ත‍්‍රාගාරය ද අද ජනතා අයිතියට පැවරුණේ ජනාධිපතිතුමා අතිනි.
    මේ සදහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 2.2 කි. අමාත්‍ය රවුෆ් හකීම්, මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සරත් චන්ද්‍රසිරි විතාන යන මහත්වරුන් ඇතු`ථ පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.
    අද තලවිල ප‍්‍රදේශයට ගිය ජනාධිපතිතුමා තලවිල ශාන්තා ආනා දේවස්ථානයේ පැවති ආගමික වතාවත් සදහා ද එක්විය.


    මෙම දේවස්ථානයට වසර 250ක් පිරීම නිමිත්තෙන් පළ කරන ලද සමරු ග‍්‍රන්ථය ද ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි. දෙව්සිත වැරන්ස් මෙන්ඩිස් රදගුරුතුමා ප‍්‍රමුඛ හලාවත පදවියේ රදගුරු හිමිපාණන් ඇතු`ථ පියතුමන්ලා මෙම අවස්ථාවට එක්ව සිටියහ. ජනාධිපතිතුමා අද කල්පිටිය ප‍්‍රාදේශීය සභාවේ ද නිරික්ෂණ චාරිකාවක නිරත විය.

    ජනාධිපති මාධ්‍ය අංශය
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya