නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ටී එන්.එල් මාධ්‍ය ආයතනයේ සිදුවීම පිළිබඳව සොයා බලනවා

    ජූනි 05, 2018

    ටී එන්.එල් මාධ්‍ය ආයතනයේ විකාශන කටයුතුවලට සීල් තබා ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අද (5) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    TNL මාධ්‍ය ජාලයේ විකාශන කටයුතු නවතා දමා ඇතැයි කියමින් අද (5) පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් ජනමාධ්‍ය අමාත්‍යවරයාගෙන් කරුණු විමසන ලදී.එහිදී පිළිතුරු ලබාදුන් මුදල් හා ජනමධ්‍ය  අමාත්‍ය මංගල සමරවීර මහතා මෙසේ අඳහස් දැක්වීය.

    තවම මේ සම්බන්ධයෙන් වාර්තාවක් ලබාගැනීමට නොහැකි වුණා.මේ ගැන සොයා බලා කුමක් වූවදැයි පාර්ලිමේන්තුවට වාර්තා කරනවා. සිද්ධිය පිළිබඳව කණගාටුව ප්‍රකාශ කරනවා. අපිට පුළුවන් වෙන්න ඕන
    විවේචන එක පෙට්ටියක දාල වෙන් කර සිතන්න යැයි ද අමාත්‍යවරයා පැවසීය.

    රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කතාකරමින්, මාධ්‍ය නිදහස තවදුරටත් රැකීමට රජය කටයුතු කරන බව කීය. ජනමාධ්‍යයට ඇති අයිතිය නැති කළ නොහැකි බවද රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya