අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ධීවර ජනතාවට අවශ්‍ය ඉන්ධන සහනාධාර ලබාදීමට රජය කටයුතු කරනවා-ධිවර ජනතාවට සහන ලබාදීමට රුපියල් බිලියන හතරක්

    මැයි 23, 2018

    ධිවර ජනතාවට සහන ලබාදීමට රජය විසින් රුපියල් බිලියන හතරක මුදල් ‍වෙන් කර ති‍බෙන බව ධිවර හා ජලජ සම්පත් හා ග්‍රාමිය සංවර්ධන  අමාත්‍ය විජිත් විජිතමුණි ‍සොයිසා මහතා පාර්ලි‍මේන්තු‍වේදී ඊ‍යේ (22) ප්‍රකාශ ක‍ළේය.


    සභාව කල් තබන අවස්ථා‍වේ විවාදට පිළිතුරු ‍දෙමින් එ‍සේ කී ඇමැතිවරයා ධිවරයින් රැක ගැනීම ‍වෙනු‍වෙන් රජය කටයුතු කරන බවත් ඔවුන්‍ට අවශ්‍ය ඉන්ධන සහනාධාර ලබාදීමට රජය කැපවී‍මෙන් කටයුතු කරන බවත් කීය


    ධිවර හා ජලජ සම්පත් හා ග්‍රාමිය සංවර්ධන ඇමැති විජිත් විජිතමුණි ‍සොයිසා මහතා;


    මම ‍මේ අමාත්‍යාංශය ‍ගෙන දින කිහිපයකින් මුහුණ ‍දෙන්න සිදුවුණා විශාල අර්බුද රැසකට. අපි විධිමත්ව ධිවර ජනතාව සහන සලසනවා. ‍නො‍‍ර් ‍වේ, ඕස්‍ ‍ට්‍රේලියා‍වේ, තානාපතිවරුන් සමඟ කතා කළා. ධිවරයින් කියන්‍‍නේ ‍මේ
    ර‍ටේ ආර්ථිකයට විශාල දායකත්වයක් සපයනවා. ධිවරයින්ට සහන සැලසීමට කැබිනට් අනුමැතිය ලබාදුන්නා.  පිටත එංජින් සවිකල හා ‍නොකළ ‍බෝට්ටු සදහා සහන ලබාදීමට බිලියන 4ක් ‍වෙන් කළා. අපි ධීවරයින් සමඟ
    කතා කළා. සමහර ධිවරයින් මුදල් ලබා‍දෙනවාට කැමැතියි. සමහර ධිවරයින් ඉන්ධන ගන්න කැමැතියි. ඒ නිසා අපි සියළුම ‍දෙනා‍ගේ අදහස් සැලකිල්ලට ගන්නවා. අදත් මා ධිවරයින්ට සහන ලබා‍දෙන්න කැබිනට් පත්‍රිකාවක්
    ‍යොමු කළා.


    ඛනිජ ‍තෙල් සම්පත් නි‍යෝජ්‍ය ඇමැති අ‍නෝමා ගම‍ගේ මහත්මිය

    ධිවරයින්ට ‍වෙන අලාභය පිළිබඳ අපි කල්පනා කළා. නමුත් භූමි‍තෙල් මිල අඩු‍වෙන් තිබියදී ‍‍දිනකට අ‍පේ  සංස්ථාවලින් ‍මෙක්ට්‍රික් ‍ටොන් 750ක් යනවා. අද එය ‍මෙක්ට්‍රික් ‍ටොන් 180ට බැහැලා. ‍මේ වර්ෂාව නිසා ‍වෙන්න  ඇති. නමුති ‍මෙහි අගය ‍මෙක්ට්‍රික් ‍ටොන් 250ක් විතර ‍වේවි. ඒ කියන්‍‍නේ ඩීසල් භාවිතා කරන අය වැඩි‍යෙන්  භාවිතා කර ති‍බෙන්‍‍නේ භූමි‍තෙල්. ‍තෙල් මිල අඩු කිරී‍මේදී කවදාවත් සහන ජනතාවට ‍දෙන්‍‍නේ නැහැ. අද  ‍බොර‍තෙල් බැරලයක මිල ‍ඩොලර් 78ක ව‍ගේ තැනක ති‍බෙන්‍‍නේ. ‍මේ මිල අඩු වූ විට අඩු කරනවා. ඉන්දියානු තෙල් සමා‍ග‍මෙන් වැඩි කළා. ‍මොනව කළත් අපි 2014 ට වඩා අඩු‍මෙන් තමයි ඉන්ධන මිල පවත්වා ‍ගෙන  යන්‍‍නේ.

    ධිවර හා ජලජ සම්පත් රාජ්‍ය ඇමැති දුලිප් ‍‍වෙදආරච්චි මහතා


    යහපාලන ආණ්ඩුව ඇති කරලා සමස්ත ධිවර ජනතාවට හා සමස්ත ජනතාවට ඉන්ධන අඩුමිලට ලබාදුන්නා.  ලංකා ඉතිහාස‍යේ කිසිම රජයකින් ‍‍ඒ ආකාරයට අඩු කළා. එය වසර තුනක් පවත්වා‍ගෙන ගියා. ධිවර ජනතාව
    ලොකු සහනයක් ලැබුවා. අද අපිට ‍තෙල් මිල වැඩි කර ති‍බෙන්‍‍නේ ‍ලෝක ‍වෙළඳප‍ළේ පවතින ප්‍රශ්නයක් නිසයි. ධීවර ජනතාවට ඉන්ධන සහනාධාර ලබාදීම ‍කෙ‍සේ සිදුවිය යුතුද කියා අපි ධිරයින්‍‍ගෙන් විමසුවා. රුපියල් 21,375ක් එක් ‍බෝට්ටුවකට ‍තෙල් සහනාධාරයක් ලබා‍දෙන්න තීන්දු කළා. වර්ණවත් ඉන්ධන ලබාදීමට යෝජනා ඇවිත් ති‍බෙනවා. ඒ පිළිබඳ අපි ‍සොයා බලනවා. ‍කෝටි 4000ක සහනාධාර ලබා‍දෙන්න අපි තීන්දු කර  ති‍බෙනවා.

    හම්බන්‍තොට දිස්ත්‍රික් ජවි‍පෙ මන්ත්‍රී නිහාල් ගලප්පතිත් මහතා විසින් සභාව කල්තබන අවස්ථා‍වේ ‍යෝජනාව ඉදිරිපත් කළ අතර, මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා විසින් එය ස්ථිර කරන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya