නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටේ ග්‍රාමීය ආර්ථිකය නවීකරණය කිරීමට කටයුතු කරනවා

    මැයි 21, 2018

    රටේ ග්‍රාමීය ආර්ථිකය නවීකරණය කිරීමට අපි කටයුතු කරනවා.කර්මාන්ත, සේවා, සංචාරක තොරතුරු තාක්ෂණ, ප්‍රවාහන, වරාය, ගුවන්තොටුපල ආදී මේ සියලූ අංශයන්වල නවීකරණය කිරීමක් අපි බලාපොරොත්තු වෙනවා යැයි අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ඉන්ටනැෂනල් එක්සෙකටිව් සර්විස් කෝප්ස් ආයතනය විසින් ක්‍රියාත්මක කරනු ලබන වෙළෙඳපොළ යොමු කිරි නිෂ්පාදන ව්‍යාපෘතිය හඳුන්වාදීමේ වැඩසටහනට සහභාගි වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ පැවසිය.

    අද ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කරන නව වැඩසටහනක් අපි ක්‍රියාත්මක කරනවා. ඒ ඇමෙරිකා එක්සත් ජනපදයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආධාර මත ක්‍රියාත්මක වෙන වෙළඳපොළ ඉලක්කගත කිරි නිෂ්පාදන වැඩසටහනයි. මෙය විශේෂ ව්‍යාපෘතියක්. මේ රටේ කුඩා හා මධ්‍යම පරිමාණ කිරි ගොවියන්ට තම නිෂ්පාදන වැඩි කිරීමට මේ හරහා හැකියාව ලැබෙනවා. එක් කිරි ගවයෙක්ගෙන් ලබාගත හැකි වන්නේ කිරි ලීටර් 5ක පමණ ප්‍රමාණයක්. නිෂ්පාදනය වැඩි කරමින් එය ලීටර් 10 දක්වා වැඩි කිරීමට එම ව්‍යාපෘතිය යටතේ කටයුතු කරනවා.


    කිරි නිෂ්පාදනය වැඩි කිරීමේ පළමු පියවර ලෙස මෙම වැඩසටහන අපි සාර්ථකව ක්‍රියාවට නැංවිය යුතුයි. කිරි නිෂ්පාදන ක්ෂේත්‍රයේ මූලිකත්වය ගෙන තිබෙන්නේ ප්‍රමුඛ පෙලේ සමාගම් සහ විශාල කිරි පට්ටි සහිත කිරි ගොවීන්. නමුත් කුඩා හා මධ්‍යම පරිමාණ කිරි ගොවීන්ගේ කිරි නිෂ්පාදනය ලීටර් 4 කටත් වඩා අඩු වන අවස්ථා තිබෙනවා. අපේ පළමු පියවර වන්නේ කුඩා කිරි ගොවීන්ට ලීටර් 8 – 10 අතර කිරි නිෂ්පාදනයක් පළමුවෙන් ලබාගැනීමට අවශ්‍ය කටයුතු සලසා දීමයි. පළමු පියවර සාර්ථක කරගත් විට ඉදිරියට යාම දුෂ්කර වන්නේ නැහැ.


    මේ රටේ ග්‍රාමීය ආර්ථිකය නවීකරණය කිරීමට අපි කටයුතු කරනවා. කර්මාන්ත, සේවා, සංචාරක තොරතුරු තාක්ෂණ, ප්‍රවාහන, වරාය, ගුවන් තොටුපල ආදී මේ සියලූ අංශයන්වල නවීකරණය කිරීමක් අපිබලාපොරොත්තු වෙනවා. ඒවගේම රටේ ජනගහනයෙන් විශාල කොටසකට බලපාන ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමටත් අපි කටයුතු කරනවා. ඒවගේම ගොවීන්ට වැඩි ආදායමක් ලබාදීමටත් අපි කටයුතු කරනවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් යුත් අපේ ආණ්ඩුව එම වැඩ කටයුතු ඉටු කරනවා. වාරිමාර්ග, ගම්මාන ආදිය දියුණු කරන අතරම මෙම කිරි ගොවීන් වෙත ද අපේ අවධානය යොමු කරනවා.


    කිරි නිෂ්පාදනය හරහා රටේ ආදායම ඉහළ යනවා. පසුගිය අඟහරුවාදා ලෝක බැංකු ආධාර යටතේ කෘෂිකර්ම නවීකරණ වැඩසටහනක් අපි ආරම්භ කළා. අද මෙම වැඩසටහන ආරම්භ කිරීමට හැකිවුණා. මේ සියල්ල හරහා අප බලාපොරොත්තු වන්නේ නිෂ්පාදනය වැඩිකිරීමයි. මේ සඳහා ඇමෙරිකානු තානාපතිතුමා සහ අපේ නව ඇමතිතුමා විශාල උත්සායක් ගත් බව මම දන්නවා. නිදහස ලබාගැනීමටත් පෙර සිට ඇමෙරිකාව හා ශ්‍රී ලංකාව අතර විශාල සම්බන්ධයක් තිබෙනවා. ඒ සම්බන්ධතා හරහා අපට විවිධ ආකාරයෙන් සහයෝගය ලැබී තිබෙනවා. වර්තමානයේත් එම සම්බන්ධතා ලබාගනිමින් අප ඉදිරියට යනවා. ඇමෙරිකාවේ ආධාර සහයෝගය සහ මිත්‍රත්වය අපි සෑම විටම අගය කරනවා. එමනිසා මෙවැනි ව්‍යාපෘති තුලින් රටවල් දෙක අතර ඇති සම්බන්ධතාවයේ පදනම තවත් ශක්තිමත් වනු ඇතැයි මම විශ්වාස කරනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya