මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රට දැය වෙනුවෙන් දිවි පිදු රණවිරුවන් සිහිපත් කරමින් මහවැලි අධිකාරියේදී සෙත් පිරිත් සජ්ජායනයක්

    මැයි 19, 2018

     රට දැය වෙනුවෙන් දිවි පිදු රණවිරුවන් සිහිපත් කරමින් සහ රටටත්, සියලු ජනතාවටත් සෙත් පතමින්, කලට වැසි වැස, කෙත්වතු සරු සාරවන්නට ආශිර්වාද පතන ,සෙත් මෙත් මහවැලි ප‍්‍රාර්ථනා, මහා දානමය පුණ්‍යකර්මය සහ සෙත් පිරිත් සජ්ජායනය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්  අද (19) පෙ.ව 10.00 ට කොළඹ, ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි මහවැලි කේන්ද්‍ර පරිශ‍්‍රයේදී පැවැත්වේ.

    මහවැලි ජානපදික ප‍්‍රජාවට හා සමස්ථ ලක්වාසීන්ට සෙත් පතා දුර්භික්ෂ/ නියං හා ස්වභාවික ආපදා තුරන්වීම, වැඩිපුර අස්වැන්න, සශී‍්‍රක කෘෂිකර්මාන්තයක් ඇති කිරීම, ලක්වාසින්ගේ සතුට හා සෞභාග්‍යය මෙහිදී ප‍්‍රාර්ථනය කෙරන අතර සියලු මහවැලි කලාප ආවරණය වන පරිදි සංඝයා වහන්සේ 200 නමක්, අන්‍යාගමික පූජක පක්ෂය හා විදේශීය ස්වාමින් වහන්සේලාගේ ද සහභාගිත්වයෙන් මෙම වැඩසටහන සිදු කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya