අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉස්ලාම් බැතිමතුන්ගේ පරිභෝජනය සඳහා අවශ්‍ය තරම් රටඉදි බෙදා හැරීමට අගමති උපදෙස්

    මැයි 15, 2018

    රාමසාන් උත්සව සමයේ ඉස්ලාම් බැතිමතුන්ගේ පරිභෝජනය සඳහා අවශ්‍ය තරම් රටඉදි තොග බෙදා හැරීමට කටයුතු කරන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී ඇත.

    මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ. හලීම් සහ ජාතික සමගිය හා සංහිදියාව පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි යන මහත්වරුන්ගේ ඉල්ලීමකට අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම උපදෙස් ලබා දී තිබේ.

    රාමසාන් සමයේ ඉස්ලාම් භක්තිකයන්ගේ පරිභෝජනය සඳහා මුස්ලිම් සිද්ධස්ථාන හරහා රටඉදි බෙදා හරිනු ලබන අතර, ඉකුත් වසරේ සවුදි අරාබිය නොමිලයේ ලබාදුන් රටඉදි ටොන් 150 ක් බෙදා හැරීමට කටයුතු කර ඇත. ඊට සමගාමීව සතොස මගින් ද තවත් රටඉදි ටොන් 150 ක් බෙදා හැරීමට කටයුතු කර තිබිණ.

    මෙවර මැදපෙරදිග රටඉදි අස්වැන්න අඩුවීම හේතුවෙන් නොමිලයේ ලැබෙන රටඉදි තොග අඩු වීමක් සිදු වී ඇත. මේ හේතුවෙන් සතොස හරහා මෙම වර්ෂයේ ද ප්‍රමාණවත් පරිදි රටඉදි තොග මැදපෙරදිගින් ගෙන්වන ලෙස සතොස සභාපතිවරයාට හා මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති අතර, රට ඉදි තොග බෙදා හැරීම සඳහා මැදිහත් වන්නැයි කාර්ගිල්ස් ආයතනය ඇතුළු පෞද්ගලික අංශයට ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya