ජනාධිපතිතුමා කතානායක කරූ ජයසූරිය මහතා විසින් පිළිගැනීමෙන් අනතුරුව ආචාර වෙඩිමුර ඇතුළුව ත්රිවිධ හමුදා උත්තමාචාර පිදීම සිදු කෙරුණි.
කතානායකතුමා විසින් ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ ප්රධාන දොරටුව වෙත රැගෙන එන ලද අතර එහිදී පාසල් සිසුවියන් විසින් ජයමංගල ගාථා ගායනා කර ආශිර්වාද එක් කළාය.
ජනාධිපතිතුමා විසින් ආණ්ඩුවේ ඉදිරි ප්රතිපත්ති සම්බන්ධයෙන් ප්රකාශය අද පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කිරීමට නියමිතය.